ආරක්ෂක අමාත්‍යාංශයේ ‘සූර්ය මංගල්‍යය – 2023’ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Date:

ආරක්ෂක අමාත්‍යාංශයේ ‘සූර්ය මංගල්‍යය – 2023’ සමාප්ති උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (19) අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි .

ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් එදින පුරා පැවති මෙම අවුරුදු උත්සවය අවුරුදු ක්‍රීඩා මෙන්ම සංස්කෘතිකාංග රැසකින් සමන්විත විය.

අනතුරුව පැවති විචිත්‍රවත් නර්ථනාංග නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

අවුරුදු කුමරා, කුමරිය ඇතුළු අවුරුදු ක්‍රීඩා තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරු විසින් සිදු කරනු ලැබූහ.

ආරක්ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයන් සමඟ ජනාධිපතිවරයා මෙහිදී සුහද කතා බහකද නිරත විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) සහ සුභසාධක සංගමයේ සභාපති ගාමිණී මහගමගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපති චිත්‍රානි ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ‍මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි !

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්වයක්...

ඉන්දීය 79 වන නිදහස් දින සැමරුම් උත්සවය මහනුවරදී..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින, ඉන්දීය...

වැඩිහිටියන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින අගෝස්තු...