ඔය ගොවියොයි, මහාචාර්යවරුයි කිව්වාට රටේ ආහාර හිඟයක් ඇතිවෙන්නෙ නෑ – මහින්දානන්ද

Date:

රටේ ආහාර හිඟයක් ඇතිවෙනු ඇති බවට පසුගිය කාලයේදී ගොවීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අනතුරු හඟවා සිටියත් කිසිදු ආහාර හිඟයක් රට තුළ ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“දැන් කිව්වානෙ රටේ ආහාර හිඟයක් එනවා කියලා… ඔබතුමන්ලා දැක්කා පහුගිය කාලෙ මේ රටේ ගොවියො ඇවිල්ලා කිව්වා ආහාර හිඟයක් එනවා කියලා, මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇවිල්ලා කිව්වා රටේ ආහාර හිඟයක් ඇතිවෙනවා කියලා. කිසි ආහාර හිඟයක් මේ රටේ ඇතිවෙන්නෙ නෑ. තාම මේ රටේ මිනිස්සු කන්නෙ ගිය කන්නයේ කපපු වී ටික. සියලු ආහාර ද්‍රව්‍ය අපේ රටේ නිෂ්පාදනය කරන ගමන් බැරි ටික අපි ආනයනය කරනවා”

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...