ඊශ්‍රායලය එනවාට බාලි ආණ්ඩුකාරයා යකා නටයි

Date:

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක් හැටියට පලස්තන – ඊශ්‍රායල් අර්බූදයේදි පලස්තීනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන සහ ඊශ්‍රාලය සමඟ තානාපති සබඳකම් නොපවත්වන ඉන්දුනිසියාවේ බාලි හි පැවත්විමට නියමිත ලෝක වෙරළ කීඩා උළෙලට ඊශ්‍රාලය වද්දා නොගත යුතු බවට බාලි ආණ්ඩුකාරයා වන වයන් කොස්ටර් සිය විරෝධය ප්‍රකාශ කරමින් දන්වා සිටියි.

දේශපාලනමය ගැටළුවක් නිසා රටක ක්‍රීඩාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුකාරවරයා දරන අදහස වෙනස් කර ගැනිමට ඉන්දුනීසියාව උත්සාහ කරමින් සිටින අතර, ඉන්දුනීසියාවේ මෑතකදී පත් වූ ලද තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ඩිටෝ ඇරියෝටෙජෝ සිකුරාදා (අප්‍රේල් 14) ප්‍රකාශ කර ඇත්තේ ලෝක වෙරළ ක්‍රීඩා උළෙල සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට එකඟතාවකට පැමිණ ඇති බව වුව ද,කොස්ටර්ගේ ප්‍රකාශය නිසා නැවත එය ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇත.

ඉන්දුනීසීයාවට සංචාරක ව්‍යාපරය හරහා විශාල වත්කම් ප්‍රමාණයක් උරුම කර දෙන බාලි හි ආණ්ඩුකාරවරයාගේ බලපෑඹ මත වයස 20 න් පහළ පාපන්දු ලෝක කුසලානය ද ඉන්දුනීසියාවට මඟ හැරුණු අතර ඊට හේතුව වූයේ ද ඊශ්‍රායලය සමඟ තරග කරන්නට යෙදීමයි.

“2023 බාලි හි පැවැත්වෙන ලෝක වෙරළ ක්‍රීඩා උළෙලට ඊශ්‍රායල කණ්ඩායමේ සහභාගීත්වය ප්‍රතික්ෂේප කිරීමේදී මම ස්ථාවරව සිටිමි,”
කොස්ටර් නිරන්තරයෙන් පවසන අතර ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාව කිසිඳු බෙදීමක් නැති සියලු ජාතීන්ට පොදු බිමක් කරන්නට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මුල්ව ලෝකයේ සියලු ඔලිම්පික් ක්‍රීඩා ජාත්‍යන්තර සංගම් ද ක්‍රීඩාව සියලු ජාතීන්ට සමානත්වය පිරි බිමක් බවට පත් කරන්නට දරණ ප්‍රතිපත්තිමය ක්‍රියාවලීයට කොස්ටර්ගේ මේ මැදිහත් විම දරුණු බාධාවකි.සමහර විට එය සමස්ත ඉන්දුනීසීයාවේම ලෝක ක්‍රීඩා සබඳතා කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි තත්ත්වයක් ද විය හැකිය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...