ජයග්‍රහණ ශතකයට ශ්‍රී ලංකාව අද සැරසෙයි

Date:

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා තරග 99 ක් ජයගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායම අද ගාල්ලේදි අයර්ලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයට එකතු වන්නේ සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සියවැනි ටෙස්ට් ජයග්‍රහණය අපේක්ෂාවෙන්ය.1982 සිට 2023 දක්වා වන කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 309 ට මුහුණ දී ඇති අතර පරාජයට පත් වී ඇත්තේ ටෙස්ට් තරග 119 ක් පමණි.ඒ අනුව ශ්‍රී ලංකාවේ ටෙස්ට් ඉතිහාසය එතරම් නරක එකක් හැටියට ගත නොහැකිය.
ශ්‍රී ලංකාව වැඩිම ටෙසට් තරග ප්‍රමාණයක් පරාජය වී ඇත්තේ ඉනිදියාවට එරෙහිවය.ඒ ටෙස්ට් තරග 22 කි.ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණය කරන්නට ලැබි ඇත්තේ ටෙස්ට් තරග 7 ක් පමණි.පකිස්තානයට එරෙහිව පරාජයන් 21 ක් ද ඕසට්‍රේලියාවට එරෙහිව පරාජයන් 20 ක් ශ්‍රී ලංකාව වාර්තා කර ඇත.නමුත් පකිස්තානයට එරෙහිව තරග 17 ක් ජය ගන්නටද ශ්‍රී ලංකාවට හැකි වී ඇත.ඕසට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ජය ලබා ඇත්තේ තරග 5ක් පමණි.
බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 18 ක් ජය ගනෙ ඇත.ඒ බංගලාදේශය එක් තරගයක් පමණක් ජය ගනිද්දීය.සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග 14 ක් ජය ලබා ගෙන සිටින ශ්‍රී ලංකාව ඔවුන් ඉදිරියේ අපරාජිතව සිටින්නේය.ඊට අමතරව ශ්‍රී ලංකාව ටෙස්ට් තත්ත්වය ලබන විට ලොව ක්‍රිකට් රජුන් ලෙස විරුදාවලි බා සිටි ක්ලයිව් ලොයිඩ්ගේ කොදෙව් බල ඇණියේ පසුකාලීන පසු බැස්ම හොඳින්ම දැක ගන්නට ශ්‍රී ලංකාව සහ ඔවුන්ගේ ටෙස්ට් තරග ඉතිහාසය උදාහරණයකට ගත හැකිය.තරග 11 ක් ජය ගනිද්දි ශ්‍රි ලංකාව කොදෙව්වන් ඉදිරයේ පරාජය වි ඇත්තේ තරග 4 ක් පමණි.මේ වන විට කෝඩුකාර අයර්ලන්තය සමඟ දෙවන තරගයද ජයගනු ඇතැයි උපකල්පනයේ සිට ශ්‍රී ලංකාව ඒ ඒ රටවල් සමඟ ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග අතරින් වැඩි ජයග්‍රහණ ප්‍රමාණයකට උරුමකම් කියන්නේ අයර්ලන්තයද ඇතුළුව බංගලාදේශය,සිම්බාබ්වේ සහ කොදෙව් දේශය යන කණ්ඩායම් හතරට එරෙහිව පමණි.
ප්‍රතිශතයක් හැටියට ගත් විට ශ්‍රී ජයග්‍රහණ ප්‍රතිශතය දුර්වලම තත්ත්වයක් පෙන්වන්නේ ඕසට්‍රේලියාවට (15.15%) සහ ඉන්දියාවට (15.21%) එරෙහිව තරගවලදීය.ජයග්‍රහණ ප්‍රතිශතයක් ලෙස ගත් විට කෝඩුකාර අයර්ලන්තය නොසළකා හැර බලන විට බංගලාදේශයට එරෙහිව 75% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ද,සිම්බාබ්වේ කන්ඩායමට එරෙහිව 70% ක ප්‍රතිශතයක් ද තබා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වි ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...