The Late Late Show තුළින් තම අවසන් අඩහැරය පාන කෝර්ඩන් මහත්මයා!

Date:

කොළඹ (LNW): ජේම්ස් කෝර්ඩන් මේ සතියේ අගභාගයේදී ඔහුගේ ප්‍රධාන වූ ජීවන පරිච්ඡේදයක් නිම කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවට වාර්තා වෙයි. ඔහු ද ලේට් ලේට් ෂෝ(The Late Late Show) හි ඔහුගේ අවසාන ඉදිරිපත් කිරීම මෙලෙස පවත්වයි.

මෙම සංදර්ශනය තුළින් ඔහු නොයෙක් හොලිවුඩ් තරු සමඟ උරින් උර ගැටෙමින් තම ඉදිරිපත් කිරීම් කෙරෙහි සාර්ථකත්වයක් පෙන්නුම් කළ අයෙකි.

ඔහුගේ අවසන් ඉදිරිපත් කිරීම අප්‍රේල් 27 වන බ්‍රහස්පතින්දා පැවැත්වෙන අතර, හිටපු One Direction තරුවක් වන Harry Styles සහ Will Ferrell ඊට සහභාගී වන බවට තහවුරු කරන ලදී.

2015 වසරෙහි මාර්තු මාසයේදී තමාට ආවේණික වූ භූමිකාවකට පිවිසීමෙන් පසු කෝර්ඩන් Spill Your Guts Or Fill Your Guts සහ Carpool Karaoke ඇතුළු ජනප්‍රිය වැඩසටහන් තුළින් රසික හඳවත් සොරා ගැනීමට සමත් විය.

අභාවප්‍රාප්ත ජෝර්ජ් මයිකල්ගේ බ්‍රිතාන්‍ය කතා මාලාව වන Gavin And Stacey හි Smithy ලෙස චරිතයට පණ පොවන ලද්දේ ද කෝර්ඩන් විසිනි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ හින්දු කෝවිලක තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ්...

විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතිනවා – අතිඋතුම් කාදිනල් හිමිපාණන්

රෂිකා හෙන්නායක ජූලි 27,කොළඹ LNW : බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ...

මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට ඔයිටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් ඕනෑ. හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෑ – ඇමති ලාල්කාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව...

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...