උෂ්ණත්වය දරාගත නොහැකිව මියගිහින්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දරාගත නොහැකි අධික උෂ්ණත්වය හේතුවෙන් තාප කම්පන තත්ත්වයට පත්ව පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.

එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු වන මොවුන් , අවුරුදු උත්සවය කඹ ඇදීමේ තරගය තෙහෙට්ටුවට පත්ව අයිස් වතුර හිසට වත් කර ගැනීමෙන් එක් අයෙක් මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තම කුඹුරේ තණකොළ කැපීමට ගොස් අව්රශ්මියේ සිට දිය නෑමෙන් පසුව මියගොස් ඇති බව තොරතුරු හෙලිවේ.

මෙසේ මියගොස් ඇති පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 34 සහ 38 යන වයස් කාණ්ඩ වෙයි. සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්වයකට පත්ව මෙම මරණ සිදුව ඇති බවයි. .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...