දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/25

Date:

  1. පොලීසිය තමාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එරෙහිව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකරයි: හිටපු නීතිපතිවරයා අත්අඩංගුවට ගැනීම හෝ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අවහිර කරමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි.
  2. MV X-Press Pearl ව්‍යසනයට එරෙහිව සිංගප්පූරුවේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම තුළින් ඩොලර් මිලියන ගණනින් අහිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නැති බව හිටපු විදේශ අමාත්‍ය නිදහස ජනතා සභාවේ සාමාජික පා.ම. මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි: මෙම ව්‍යසනය සිදුවූයේ මෙරට මුහුදු සීමාව තුළ වන අතර, මෙම කරුණට අදාළව ක්‍රියාමාර්ග ගැනීමට මෙරට අධිකරණවලට සම්පූර්ණ බලය ඇති බව ද පවසයි.
  3. MV X-Press Pearl ව්‍යසනයට අදාළව වන්දි ඉල්ලා සිදුවන නඩු කටයුතු කඩාකප්පල් කිරීමට ඇ.ඩො. මිලියන 250 ක අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි කියන පුද්ගලයාගේ නම හෙළිදරව් කිරීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කටයුතු නොකරන්නේ මන් ද යන්න සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනි දර්ශනී ලහඳපුර ප්‍රශ්න කර සිටියි.
  4. රට තුළ මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය තවත් දින කිහිපයක්ම පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
  5. 2021 පළමු කාර්තුව තුළ රු. බිලියන 316 ක බදු ආදායම් එකතු කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි ඉලක්කවලට අනුව, 2023 තුළ එකතු කළ යුතුව ඇති එකතු කළ අගයේ බදු (වැට්) සහ ආදායම් බදු ප්‍රමාණය රු. බිලියන 1,824 ක් වන අතර, පළමු කාර්තුව තුළ එකතුකළ යුතු මුදල, වාර්ෂික ඉලක්කයෙන් 17% කි.
  6. “ගෝඨාගෝගමට” පහර දීමේ සිදුවීමට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු ලෙස නම් කරන මෙන් ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ ලිපිය ක්‍රියාත්මක කිරීම අවහිර කරමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි.
  7. දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂ උතුරු සහ නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරයි: යෝජිත ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව විරෝධතා දක්වමින් එම ගැටළුවලට විසඳුම් ලබා දෙන මෙන් බල කර සිටියි: මෙම දිනය පුරාවට සියලු කඩ සාප්පු වසා දැමීමට නියමිත අතර, පොදු ප්‍රවාහන සේවා ද අඩපණ වනු ඇති බවට විශ්වාස කෙරේ.
  8. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ නායකත්වය යටතේ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නව සන්ධානයක් බිහි කිරීමට එකඟතාව පළකළ බව විපක්ෂ ප්‍රධාන සංවිධායක පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
  9. වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙනුවට වෙනත් පුද්ගලයකු එම තනතුරට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ නැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසයි: මීට අදාළව අසත්‍ය ප්‍රකාශ විපක්ෂය විසින් පතුරවමින් සිටින බවට ද චෝදනා කරයි.
  10. පකිස්තානයේ කරචි සත්වෝද්‍යානයේ සිටි අප්‍රිකානු මැමතකු වන නූර් ජෙහාන්ගේ ඛේදජනක මරණයෙන් පසු එරටට අලීන් දෙදෙනෙකු පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා රජය සැරසෙයි: මෙලෙස පරිත්‍යාග කරන අලීන් දෙදෙනාම ගැහැණු සතුන් වන අතර, එක් සතකු කරචි සත්වෝද්‍යානයට ද, අනෙකා ලාහෝර් වෙත ද යැවීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා කොන්සුල් ජනරාල් යසින් ජොයියා පවසයි: මෙම පුවත පිළිබඳව පකිස්තානයේ සතුන්ට ප්‍රියකරන ජනතාව ප්‍රීතිය පළ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...