GMOA සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිළිලයක් ද? (VIDEO)

0
886

පසුගිය කාලය තුළම රටේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෛද්‍ය මාෆියා සංවිධානයකට යට වී තිබුණ අතර වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා එම මාෆියා සංවිධානයේ සැබෑව හඳුනා ගැනීම නිසා දැන් ඔවුන්ට පෙර මෙන් කටයුතු කිරීමට පවතින ඉඩ නැති වී ගොස් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පැවසුවේය.

ඒ,අද (30) ලෝක කම්කරු නීති බලාත්මක කිරීමේ වෘත්තීය සමිති මධ්‍යස්ථානය පිහිටුවමින් පැවති මාධ්‍ය හමුවේදීය.

සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති රැසක් ඊට එක්ව සිටියි.

උක්ත මාෆියා සංවිධානය අවශ්‍ය පරිදි වෛද්‍ය නිලධාරීන්,පරිපාලකයන් බය කරමින්, ශ්‍රමය සුරාකමින් කටයුතු කරමින් සිටි බවයි ප්‍රේමරත්න මහතා කියා සිටියේ.

පසුගිය වසංගත සමයේදීද ඇතැම් නිලධාරීන්ට නිවැරදි ලෙස කටයුතු කිරීමට ගොස් එම මාෆියා සංවිධානයේ මැදිහත්වීම මත ස්ථාන මාරු වීම පවා ලැබුණු බව ප්‍රේමරත්න මහතා මෙහිදී සිහිපත් කළේය.

විශේෂයෙන් වෛද්‍යවරුන්ට වෛද්‍ය ක්ෂේත්‍රය ගැන දැනුම පැවතියද සිය වෘත්තීය අයිතිවාසිකම් ගැන සාක්ෂරතාව අවම බවද ඔහු සඳහන් කරන ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here