සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මේ වසරේ (2023) මැයි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කර ඇත.
නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙමින් එම තීරණය ගෙන ඇති අතර, අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නුවරඑළිය නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවනිත අතර එමගින් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බව ජනාධිපතිවරයා පසුගිය දා පැවසීය . එබැවින් , එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කෙරෙන පරිදි සවිස්තරාත්මක සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව දැනුම් දෙයි.