පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මඟහරිමින් සිටිනවා – රත්නප්‍රිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපතිවරයා සමඟ අවස්ථා තුනකදී සාකච්ඡා කර ඇති පසුබිමක විශ්වවිද්‍යාල ආචාර්යවරු යළි කොන්දේසි පනවමින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මඟහරිමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

“විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්නපත්‍ර ඇගයීම් කරන්න සුදානම්. ඒ වගේම ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් ඒ සඳහා ලබාදිය යුතුයි කියන කොන්දේසියක් දාලා තියෙනවා. ඒ පිළිබඳව අපි ජනාධිපති ලේකම්තුමාව දැනුවත් කළා. කොහොම වුණත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවස්ථා තුනක දී ජනාධිපතිතුමා කැඳවලා සාකච්ඡා කරලා, ඇයි බදු අයකෙරේ ? කෙටි කාලයක් ඉවසන්න කියන ඉල්ලීම කරා. ඒ වගේම මේ අයගේ යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් යොමු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සහන ගන්න. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාලෝචන සැසියේ දී ජූලි – සැප්තැම්බර් මාසවලදී මේ යෝජනා ඉදිරිපත් කරන්නත් පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේ කරනකොට මේ වගේ කොන්දේසි දාන එක එච්චර ගැළපෙන්නේ නෑ කියන එක තමා මගේ පැත්තෙන් මට කියන්න තියෙන්නේ. මේක දරුවන්ගේ ප්‍රශ්නයක්. අපි ඒකට විසඳුමක් දෙන්න කටයුතු කරන්න ඕනේ.”

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි පවසන්නේ , උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරු විදුහල්පතිවරු සුදානමින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...