දිවා භෝජනයට පෙර ශතක

Date:

අයර්ලන්තය ලබා දුන් ලකුණු 492 ක් ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තෙවන දිනයේ දිවා භෝජනයට තරගය නතර කරන්නට පෙර ශතක රැස් කරන්නට ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුශ්ක සමත් විය.ඒ නිසා දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව එක් කඩුල්ලක් දැවී ලකුණු ලකුණු 228 ක් සේ දිස් විය.

නායක දිමුත් කරුණාරත්න දිවා භෝජනයට පෙර යවන ලද අවසාන පන්දු ඕවරයේ සිව්වන පන්දුවට දැවී ගිය අතර දිමුත් ලකුණු 115 ක් රැස් කරන්නට සමත් විය.කර්ටිස් කැම්පර් ගේ පන්දුවකට මැතිව් හැම්පේරීස් අතට උඩ පන්දුවක් දි දැවී ගියේය.සිය මංගල එක්දින ශතකයට මිඩ් විකට් කළාපයට ඉහළින් එල්ල කළ දර්ශණිය හයේ පහරකින් පිවිසුණ් නිශාන් මධුශ්ක නොදැවී ලකුණු 104 ක් ලබා ගෙන සිටියි.

ඡායාරූපයේ දැක්වෙන්නේ දිමුත් සහ නිශාන් මධුහ්ක ලකුණු 228 ක සබඳතාවය අතරතුර ලකුණක් සඳහා පැති මාරු කරන ලද අවස්ථාවක්ය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...