2048 ජයගන්න එජාප මැයි දිනයට එන්න! (VIDEO)

Date:

කොළඹ LNW:ආර්ථික වර්ධනය මූලික කරගෙන ගෙන යන වැඩපිළිවෙලට අනුව එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දිනය සමරන්නේ 2048 ජයගමු යන තේමාවෙන් වන අතර එම ප්‍රතිපත්තිවලට එකඟතාව පළකරන ඕනෑම කෙනෙකුට ඊට එක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අද (29) සිරිකොත් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

පවතින තත්ත්වය අනුව 2% හෝ 3% ක ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යා හැකි නමුත් අවශ්‍ය වන්නේ 7% හෝ 8% ක ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාම බව ඔහු සඳහන් කළේය.

”ජාත්‍යන්තර මුලය අරමුදල යන්නට උනේ ප්‍රථමයෙන්ම ආර්ථිකය ස්ථාවර කර ගන්නට අවශ්‍ය නිසයි.නිවැරදි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා.බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම,මුදල් මුද්‍රණය කිරීම වැනි කරුණු පිළිබඳව නීති වැනි දේවල් ස්ථාපිත කරලා ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට පත් කරමින් යනවා.අපිට 2% හෝ 3% ආර්ථික වර්ධන වේගයක් එක්ක ගමන් කරන්නට පුළුවන් උනත් ඒක ප්‍රමාණවත් නැහැ.සාමාන්‍යයෙන් 7% හෝ 8% ක පමණ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීම කළ යුතුයි. අපි ගොඩ එන්නට බැරි රටක් නොවෙයි.එහෙම කරන්න පුළුවන් සම්පත් තිබෙන රටක්.විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න පුළුවන්.නිෂ්පාදන ක්ෂේත්‍රය දියුණු කරන්නට පුළුවන්.කෘෂි කර්මාන්තය නවීකරණය කරන්නට පුළුවන්.තාක්ෂණික ක්ෂේත්‍රය දියුණු කරන්නට පුළුවන්.සිංගප්පුරුව සහ මැලේසියාව වගේ අපනයන ක්ෂේත්‍රය තුළින් විශේෂ දියුණුවක් ලබන්නට පුළුවන්.අපේ රටේ පිහිටීම නිසා නාවුක සහ ගුවන් ප්‍රවාහනයේදී සැපයුම් කේන්ද්‍රස්ථානයක් වශයෙන් ආර්ථිකමය වැදගත් කමක් අපිට හිමිවෙනවා.අපි ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය සමඟ විශ්වාසය ඇති කළ යුතුයි.ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සම්පාදනය කරමින් ඉන්නවා.මේ ගමනට එකතුවෙන්න කියන එක විශේෂයෙන්ම තරුණ පිරිසට ආරාධනා කරනවා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය