අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ගමන් යළි ආරම්භ කිරීමට පියවර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අනුරාධපුර ප්‍රදේශයේ සිදුකෙරෙන ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණයට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා ඇති පැරණි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතිනවා. මාර්ගය අලුතින්ම සකස් කරමින් නව සිල්පර සහ පීලි අතුරමින් පැයට සැතපුම් 100ක පමණ වේගයෙන් දුම්රිය ගමන් කල හැකි අති නවීන දුම්රිය මාර්ගයක්‌ බවට මෙම මාර්ගය පත් වනවා.
මහව සිට ඕමන්ත දක්වා වන මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රු. කෝටි 3500ක පමණ මුදලක් ආයෝජනය කිරීමට නියමිතයි.පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවත් ලංකාව තුල මේ වන විට සිදු කෙරෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන්නේද මෙම ව්‍යාපෘතියයි.
දැනටමත් පීලි අතුරමින් නිම වන මෙම කොටසේ වැඩ අවසන් වීමත් සමඟ තවත් මාස දෙකක් තුල කන්කසන්තුරේ දක්වා දුම්රිය ගමන් ආරම්භ කිරීමේ හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.
ඉන් අනතුරුව අනුරාධපුර සිට මහව දක්වා වන දුම්රිය මාර්ගයත් ඉතාමත් කෙටි කාලයක් තුළ නවීකරණ කටයුතු අවසන් කර, කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ඉතාමත් සුවපහසු, කාර්යක්ෂම සහ වේගවත් දුම්රිය සේවාවක් ලබා දීමට අපට හැකියාව ලැබෙනවා. එමෙන්ම යාපනයේ සිට කොළඹට ගමන් කිරීමට ගතවන කාලය පැය එක හමාරක පමණ කාලයකින් අඩු කර ගැනීමටත් මේ සමග හැකියාව ලැබෙනවා.”

ලෙස පැවසීය ..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...