*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

පහ කිරීමෙන් නොනැවතී ගා ගැනීම

කොළඹ (LNW): ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ක්‍රීඩා අමාත්‍යංශය මේ වන විට තුෂේන් සිල්වා ශ්‍රී ලංකාවට දිනා දුන් ජයගහ්‍රණය කෙතරම් වටින එකක් ද කීමට සහ ඔහු ගැන අවතක්සේරු කිරිම ගැන සරලව “වරදක් සිඳු වුණා සමාවෙන්න කියන” මහත්මා ගුණය ප්‍රදර්ශනය කිරීම වෙනුවට පහ කිරීමෙන් නොනැවති ගා ගනිමින් සිටියි.ඇතැමෙක් ඒ ගැන කියන කතා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුගේ තීරණවලට එරෙහි වීමට ශක්තියක් නොමැති බව ප්‍රකාශ කිරීමයි.


ඔවුන් මලල ක්‍රීඩා සංගමයේ වගකීම්වලට පැමිණියේ ජෙනරාල්වරයා වෙනුවෙන් නම් එම ප්‍රකාශ නිවැරදිය.එසේ නොවී ඔවුන් මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් වගකීමෙන් සේවය කිරීමට පැමිණියේනම් එය සභාපතිවරයාට වඩා තමන්ගේ වැරද්දක්ය.කෙසේ හෝ වඩාත් නිවැරදි කිරීමට සහය විය හැකි බුද්ධිය යොදා ගන්නා පිරිසක් වෙනුවට තමන්ට එහෙයි කියන පිරිසක් සමඟ වැඩ කරන්නට යාමේදි තමන් සහ ඔවුන් මහදැනමුත්තා සහ ගෝලයන්ගේ තත්ත්වයට පත්වන බව තේරුම් ගැනීමට සභාපතිවරයාට මෙය හොඳ අවස්ථාවකි.හැබැයි මේ ගෝල රොත්තේ කඩුව දුන් වඳුරාගේ භූමිකාව රඟපෑමේ හැකියාව ඇති අයෙක් සිටින බව පැහැදිළි කළේ මළල ක්‍රීඩා සංගමයේ පුහුණුකරු අධ්‍යක්ෂ අයි.එම්.රණසිංහ ය.

ඔහු ප්‍රශ්නය මතුවන විට පුහුණු අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය බල්ලට දමා තමන් වගකිව යුතු පුහුණුකරුවාද අවතක්සේරු කරමින් තුෂේන්ගේ ජයග්‍රහණය කසකස්තාන කීඩකයාගේ රිටේ ගුණාත්මකකමට බැර කරන්නට වලි කෑවේය.ඒ අනුව එම අදහසම ඔසවාගෙන ගිය ක්‍රීඩා අමාත්‍යංශය කසකස්තානය තරම් ක්‍රීඩා පරිපාලනය මේ රටේ ක්‍රීඩකයින්ට ගුණාත්මත දේ දෛන බව පෙන්නා දුන්නේය.
ඒ ගා ගැනීම මදි වූ තැන ක්‍රීඩා අමාත්‍යංශය තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ඇඟේ ද ඒවා තැවරුවේය.
“එම ක්‍රීඩකයා හට මෙම තරගාවලිය සඳහා ඔහු පුහුණුකිරීම් සඳහා භාවිතා කළ රිට රැගෙන යාමට නොහැකිවීම පිළිබඳව මාධ්‍ය වාර්තා පලවීමත් සමග ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.මුතුමාල මහතාගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කර සිටියේ එවැනි ඉල්ලීමක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදු කර නොමැති බවයි.”

මේ ක්‍රීඩා අමාත්‍යංශයේ නිවේදනයට අනුව ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය ආයතනය ක්‍රිඩාව ගැන ප්‍රායෝගික අවබෝධයකින් හෝ සොයා බැලීමකින් තොරව වැඩ කරන බව සහතික කරන්නේය.ඔවුන් අඩුම තරමේ මෙම කණ්ඩායමට අවශ්‍යය ප්‍රතිපාදන ලබා දීමේ දී ඒ ගැන විමසිල්මත් බවෙන් කටයුතු කර නැත.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වීමට මෙලෝ ක්‍රීඩාවක් කර තිබිය යුතු නැත.නමුත් මලල ක්‍රිඩාව සම්බන්ධ ව්‍යාපෘති නිලධාරිවරයෙක් එහි සිටියි.තීරණ ගැනාමේදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඒ ගැන ඔහුගෙන් දැන ගැනීමට තිබිණ.

මේ පැහැදිළි කිරීම ක්‍රීඩා අමාත්‍යංශයම කිරීම හරියට වටින්නේය.ඔවුන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ සංචාරයට යන ක්‍රීඩා කණ්ඩායම ගැන වැඩි දුර සළකා නොබලා කටයුතු කර තිබෙන බව කියන්නට කරුණු උපුටා දක්වන්නේ ඔහුගේම අදහස්වලින්ය.ඕනෑම කණ්ඩායමක් රටක් නියෝජනය කරන විට අදාළ ර්‍කීඩා සංගමය අමාත්‍යංශයෙන් වගකීම ගන්නේ රට ගැන වගකීම ඇත්තේ අමාත්‍යංශයට බැවින්ය.නමුත් අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංචාරයට මුදල් අනුමත කර දීම හැරෙන්නට වෙන කිසිවක් ගැන සැළකිල්ල යොමු කර නැති බව ක්‍රීඩා අමාත්‍ය රයාගේ මාධ්‍ය ලේකම්වරියට වක්‍රාකාරයෙන් පැහැදිළි කරන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාම උපුටා දක්වමින් වීම ගැන මාධ්‍ය ඒකකයට ස්තූතිවන්ත විය යුතුය.

මේ අතර මේ තරග සංචාරයට එකතු වූ කණ්ඩායම් කළමණාකාර චන්දන ඒකනායක මේ රිට රැඟෙන යාමට විශාල උත්සාහයක් ගෙන ඇති බව අපි දනිමු.එය සාර්ථක වී නැත.මෙහි ඊට පෙර කණ්ඩායම් කළමණාකරුවෙක් සේ සහභාගි වූ අයෙක් ද රිට සම්බන්ධයෙන් ගැටළුව ආ විට කටයුතු කළ අයුරුද සඳහන් කරන සටහනක් මෙහි පහත දක්වා ඇත.නමුත් සාර්ථක වීම සහ අසාර්ථක වීම යම් යම් මොහොතවල්වලට සාපේක්ෂව වෙනස් විය හැකිය.
චන්දන උත්සාහ කිරීම මෙන්ම උස්බෙකිස්තානයේදී ක්‍රීඩා කණ්ඩායම සමඟ පවත්වා ඇති සුහද ගනු දෙනුව ද ප්‍රශංසනීය එකකි.නමුත් ඔහු අවසාන මොහොතේදී මලල ක්‍රීඩා කණ්ඩායම බේරා ගැනීමට පුහුණුකරු සහ ක්‍රීඩකයා එකඟව රිට දමා ගිය බවට හැඟෙන ප්‍රකාශයක් කරයි.සමහර විට එය ඒ ආකාරයට හැඟෙන ආකාරයට සංස්කරණය වී ඇති ද යන්න ද අප නොදනිමු.එහෙත් චන්දනගේ ප්‍රකාශයෙන් ඔහු මවන්න හදන ගැඹුර මළල ක්‍රීඩා සංගමයේ පුහුණුකරු අධ්‍යක්ෂ අයි.එම්.රණසිංහ ගැඹුරක් නොව එහි වතුරත් නැති මිරිඟුවක් බවට පත් කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශයට දී ඇති ප්‍රකාශයෙන්ය.

“එම ක්‍රීඩකයා පුහුණුවීම් කිරීමට භාවිතා කළ රිට උස්බෙකිස්තානය වෙත රැගෙන යාමට සූදනම් කර ගුවන්තොටුපොල වෙත රැගෙනවිත් තිබූ නමුත් අදාල ගුවන් සේවා සමාගමෙන් අමතර ලක්ෂ 3 ක මුදලක් ගෙවීමට එම අවස්ථාවේ දැනුම් දුන් බවයි. පෙර සූදානමක් නොතිබූ බැවින් මළල ක්‍රීඩා සංගමයට එම මුදල් ගෙවීමේ කටයුතු ක්ෂණිකව සිදු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් කණ්ඩායම් කළමණාකරු මැදිහත්ව උස්බෙකිස්තානයේ තරගාවලි කළමණාකරු සමග සාකච්ඡා කර තුෂේන් ක්‍රීඩකයා හට එහි දී රිටක් ලබා දීමට හැකි බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කණ්ඩායම ගමන පිටත් වූ බවයි.”

තත්වය උද්ගත වන්නේ ක්ෂණිකව යනුවෙන් රණෂිංහ කරන ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ රිට ගෙන යාම සම්බන්ධයෙන් ආසන වෙන් කරවා ගැනීමේදී ගිවිසුමකට එළැඹ නැති බවය.එවිට එම එකඟවීම සිඳු නොවීමට වගකිව යුතු ගුවන් ප්‍රවේශපත්‍ර ආයතනය කුමක් ද යන්න සහ ඒ හා සම්බන්ධ වූයේ කවුරුන් හරහා ද යන්න ද සමාජයට පැවසිය යුතුය.ක්‍රීඩා අමාත්‍යංශය විමසිය යුත්තේ මේ අවස්ථාවේ එවැනි කරුණුය.එවැනි සමාගම් සමඟ කටයුතු කිරීමේදි ක්‍රියා කළ යුතු වගකීම් සහිත බව පුළුල් කරන්නට ක්‍රීඩා සංගමයට අමාත්‍යංශය දී ඇති උපදෙස් කවරේද?යළිත් එවැනි කටයුතු සඳහා එවැනි ආයතන සම්බන්ධ කරගෙන වගකීම් විරහිත ආකාරයට කටයුතු නොකරන්නැයි අමාත්‍යංශය මලල ක්‍රීඩා සංගමයෙන් ඉල්ලා ඇද්ද?

සමීපතම ඥාතියෙකුගේ නමින් ර්‍කීඩාවට සම්බන්ධ ව්‍යාපාරයකට සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යංශයේ සේවය කරන අවධියේ සිට කටයුතු කර ඇති මලල ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරිකවරය ට ද ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමේ කාර්ය සම්බන්ධයෙන් අත්දැකීම් ඇති බව අපි දනිමු.ක්‍රීඩා භාණ්ඩවලට මෙන්ම ඔහුගේ ඇත්තේ විශාල ආදරයක්ය.ක්‍රීඩාව නොකළ ද කිහිප වරක්ම එහි තනතුරු දරන්නට සහ ක්‍රීඩාවේ දැණුම් පෝෂණය කර ගන්නට ඔලිම්පික් තරග ගණනාවකට සහභාගී වීමේ ආශිර්වාදය ද දිනා ඇති ඔහු වැන්නෙක්ට මේ ගුවන් ප්‍රවේශපත්‍ර කටයුතු භාර දුන්නේනම් සමහර විට මෙවැනි ගැටළුවක් ඇති නොවන්නට ද ඉඩ තිබිණ.
රිට පැනීම තෝරා ගැනීමේ ඉසව්වක් සේ යොදා නොගැනීමට තීරණය කර මොහොතේ පටන් මලල ක්‍රීඩා සංගමය අසමත්ය.ඇත්ත එයය.ඒ අවලංගුකම වලංගු තැනකට ගෙන එමින් තනිව රිට පැන සුදුසුකම් ලබා ගැනීමේ මොහොත සිට දක්වාම තුෂේන් සහ පුහුණුකරු සනත් ගුණරත්න සමත්භාවය පෙන්නා ඇත.එවැනි තත්ත්වයක මලල ක්‍රීඩා සංගමය සහ අමාත්‍යංශය කළ යුත්තේ අසමත්භාවය පිළිගෙන වැරදි තැන නිවැරදි කර ගන්නට මාර්ග සොයා යාමය.

දැනට සිඳුවෙමින් පවතින්නේ එකිනෙකා තමන්ගේ ප්‍රධානියා ආරක්ෂා කර ගැනීම සඳහා වන්දිභට්ට භූමිකාවල යෙදීමය.මලල ක්‍රීඩා නීතිය සහ ඊට අදාළ යථාර්තයන් නොසළකා හැර සමාජය නොමඟ යැවීමට කටයුතු කිරීමය.මලල කීඩා නීතියෙන්ම රිට වැනි දේ පෞද්ගලිකව ඉසව්වකදී භාවිතයට අවසර දීම සහ තමන්ගේ කැමත්ත ඇතුව අනෙකාට රිට දිම සහ නොදීමේ අයිතියද සනාත කර ඇත.එසේම රිට යනු පොදු බරක පොදු උසක දෙයක් නොවේය.එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.එවැනි තත්ත්වයක තමන්ගේ නොවන රිටක් භාවිතා කිරීම දුෂ්කර වැඩක්ය.පනින රිට පුහුණුවීමේ දුෂ්කරතාවය ද එම ඉසව්වේ දුෂ්කරතාවලට ඇතුළත් විය යුතු තරමට මෝරා තිබියදී රිට ලංකාවේ කොල්ලා උස්බෙකිස්තානයේ සිටීම කිසිම ලෙසකින් ගුණාත්මක ලෙස ගත නොහැකිය.

ඒ නිසා මේ වන්දිභට්ට ප්‍රකාශන විෂය මූලික කාරණාවන්ගෙන් බැහැරව කරන කටයුත්තක් බව පැහැදිළිය.අතේ අසූචි පිටින් කිසි කෙනෙකුට ආදරේ පිණිසයැයි කියා හෝ ගෞරවය පිණිස යැයි කියා හෝ ඔහුගේ වස්ත්‍රයේ තිබෙන රොඩු ඉවත් කරන්නට උත්සාහ නොකළ යුතුය යන්න හැදැරිය යුතු එකකි.එසේම ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් අවසානයේදී මේ ගැන පරීක්ෂණයක් කරන බවට සැර වාග්මාලාවක් මතු විය හැකිය.එම මාධය නිවේදනය එන්නට පෙරම කිව යුත්තේ අප කොළොමිඹියා ගිය කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ටොරිංටනයේ ලැග ඉද්දී සහ ප්‍රමාද වී ගොස් ඉසව් දෙකක් මඟ හැරෙද්දී ඔය අමාත්‍යවරයා දාපු සද්ද අපිට හොඳින් මතක බව කීමට කැමතතෙමු.ඒ හරහා දැන් ඒ සද්ද නැඟෙන්නේ හිස්කම නිසා මිස වෙනත් දෙයකින් නොවන බව අප දන්නා බව පමණක් කියා තබන්නෙමු.

සටහන – නිශ්මං රණසිංහ


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan