තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 07ක මෙහෙයුම් අලාභයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉකුත් වසරේ (2022) දී තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන හතක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

විදුලිය හා ප්‍රවාහන වියදම් ඉහළ යෑම හේතුවෙන් මෙහෙයුම් වියදම් ඉහළ ගොස් තිබෙන බව තැපැල්පති රුවන් සත්කුමාර පවසන අතර, තැපැල් ප්‍රවාහන කටයුතුවලදී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මුදලක් ගෙවීමට සිදුවී තිබෙන බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන මුදල සියයට හයසිය ගණනකින් ඉහළ ගොස් ඇතැයිද තැපැල්පතිවරයා කීවේය.

තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන අනුව දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 9.3 ක් දක්වා සියයට 29.6 කින් ඉහළ ගොස් ඇතත්,දෙපාර්මේන්තුවේ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 16.1 ක් දක්වා සියයට 15.3 කින් ඉහළ ගොස් ඇතැයි ද මහ බැංකුව කියයි.

කෙසේ නමුත්, ඉකුත් 2021 වසරේදී ද තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 7.2 ක මෙහෙයුම් අලාභයක් ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2022 වාර්ෂික වාර්තාවේ සඳහන් වන අතර , තැපැල් දෙපාර්තමේන්තුව දිවයින පුරා තැපැල් බෙදාහැරීම් ප්‍රදේශ 8,157 ක් ආවරණය කරන අතර එමගින් ප්‍රධාන තැපැල් කාර්යාල 653 ක්ද, උප තැපැල් කාර්යාල 3,342 ක්ද, නියෝජිත තැපැල් කාර්යාල 140 ක්ද පවත්වාගෙන යන්නේය.

දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන“ඇණවුම් ලැබුණු පසු මුදල් ගෙවීමේ සේවාව“ ඔස්සේ ඉකුත් වසරේ (2022) උපයා තිබෙන ආදායම රුපියල් මිලියන 269 ක ආදායමක් උපයා තිබේ. 2021 වසරේදී ලබා තිබෙන එම ආදායම රුපියල් මිලියන 34 ක් වන අතර , තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසරේ අගෝස්තු මාසයේ සිට අවම තැපැල් ගාස්තුව රුපියල් 35 කින්ද, අවම ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 30 කින්ද ඉහළ නැංවීමට කටයුතු කර ඇත .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...