ජාතික ආණ්ඩු ලේබලයෙන් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ – තිස්ස

Date:

කොළඹ LNW:ආණ්ඩුව යෝජනා කර ජාතික ආණ්ඩුව කිසිසේත් පිළිගන්නේ නැති අතර ජාතික ආණ්ඩු ලේබලය අලවා ගත්තාට රටේ ප්‍රශ්න විසදෙන්නේ නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ඒ, අද (02) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ආණ්ඩුව බිඳ වැටෙන විට,ජනතාවගෙන් ඈත් වෙනවිට එය රැකගැනීම සඳහා ජාතික ආණ්ඩු උපක්‍රමය යොදමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”මේ හදන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න. මේ ජාතික ආණ්ඩු කරන්නේ රට බංකොලොත් වුණා කියල යෝජනා කරන අය එක්ක. ගෝ හෝම් කියල ජනතාව බලකරපු කණ්ඩායම එක්ක ජාතික ආණ්ඩුවක් කරන්න කියල කවුරුහරි කතා කරනවා නම් ඒ යෝජනා කරන අයගේ මනස පරීක්ෂා කළ යුතුයි. ඒ නිසා අපි එයට එකඟ නැහැ. අපේ මතය ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ජාතික ආණ්ඩුව කියල යෝජනා කරන සුන්දර කතාව ඒ අයගේ හරි අර්ථකතනය නෙවෙයි. ඒ ගොලෝ බලනේ ආණ්ඩුව බිඳ වැටෙනකොට ජනතාවගෙන් ඈත් වෙනකොට එය රැකගැනීම සඳහා කරන උපක්‍රමයක් පමණයි.

අපි ජනතාවගෙන් කැමැත්තෙන් ලබා ගත් ජනවරමක් සමඟ ඉතාම ඉක්මණින් ජාතික මැතිවරණයකින් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක්. ජනතාව ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවක් හෝ ජනාධිපතිවරයෙක් රකින්න සමඟි ජන බලවේගය සූදානම් නැහැ” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...