ගයන්තිකාට මුල් තැන අරුණගෙන් හොඳම කාලය

Date:

කොළඹ (LNW): ජපානයේ ෂිශෝකා හි පැවත්වෙන 38 වන ෂිශෝකා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 800 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න එම සව්ව වෙනුවෙන් තරග 4 ක් නිමාවේ හොඳම කාලය වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තාය.ඇය එහිදි වාර්තා කළ කාලය විනාඩි 2:04.35 ක් ලෙස සටහන් වූවාය.අරුණ දර්ශන මීටර් 400 ඉසව්වන් සළකද්දි සමස්ත ප්‍රතිපල ලේඛණයේ තෙවැන්නා වූ අතර ඔහු සහභාගි වූ තරගයේ දෙවැන්නා වූයේ ඔහුගේ හොඳම පෞද්ගලික කාලය ලෙස තත්පර 45.59 ක කාලය් වාර්තා කරමින්ය.

http://shizuoka-jaaf.com/2023/2023Shizuioka-IM/OutputHtml/nans21v/shtml/result/track/20230503_27-7-7-0-3-12-12-0-5_ResultTrackA.html

ඉහත සබැඳයෙන් එම ඉසව් සියල්ලගේ ප්‍රථිපලවලට පිවිසිය හැකි අතර ගයන්තිකා සහභාගි වූ මීටර් 800 තරගය එම තරග හතරෙන් වේගවත්ම තරගය විය.ඇයට දෙවැනි වූ ඉකෙෂාකි අයිරිකෙෂාකි ද විනාඩි 2:04.93 ක කාලයක් ගෙවමින් සමස්ත තරග හතර සළකද්දි දෙවැන්නියට උන්නාය.
ගයන්තිකා මීටර් 800 ඉසව්වේ ජාතික වාර්තාලාභිණිය වන අතර ඇයගේ මීටර් 800 හොඳම කාලය වන්නේ ජාතික වාර්තාව වන 2:01.2 කාලයයි.ඇය එම දස්කම සිඳු කළේ ඉකුත් වසරේ මැන්චෙස්ටර් හී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ය.

අරුණ මීටර් 400 ඉසව්ව වෙනුවෙන් හොඳම කාලය මීට පෙර වාර්තා කර තිබුණේ තත්පර 45.78 කි.ඔහු එම කාලය 2018 දී වාර්තා කරන්නට සමත් විය.ආසියානු කණිෂ්ඨ ක්‍රීඩා උළෙලේදී 2018 වර්ෂයේදී ජපානයේදීම රන් පදක්කමක් දිනා ඇති අරුණ දර්ශන වැනි තරුණ ක්‍රීඩකයන්ට වැඩි පහසුකම් සමඟ විදේශ තරග අත්දැකීම් ලබා දීම ඔවුන්ගේ සහ රටේ මලල ර්‍කීඩාවේ ඉදිරි ගමණට වැදගත් බව අරුණගේ මේ ප්‍රගතියෙන් හඳුනා ගන්නට හැකිය.
අරුණ සහභාගි වූ මීටර් 400 තරග ප්‍රතිපල සඳහා පහත සබැඳියෙන් පිවිසෙන්නට හැකියාව ඇත.

http://shizuoka-jaaf.com/2023/2023Shizuioka-IM/OutputHtml/nans21v/shtml/result/track/20230503_27-2-7-0-3-2-2-0-5_ResultTrackA.html

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය