ගොවීන්ට රිසි සේ පොහොර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍යාංශය අද (03) දින 2023 යල කන්නයේදී වී වගාව සඳහා ගොවීන්ට තමන් කැමති පරිදි යූරියා සහ බණ්ඩි පොහොර මිලදීගැනීමට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ , වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ , රජය විසින් පොහොර මිලදීගැනීම සඳහා ගොවීන් වෙත ලබාදෙන සහනාධාර මුදල් තීරණය කළ පරිදිම සියලුම ගොවීන්ට ලබාදීමට කටයුතු යොදා ඇති බව ද
ඒ අනුව, ගොවීන්ට හෙක්ටයාර් 01කට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් 02කට රුපියල් 40,000ක් වශයෙන් පොහොර මිලදීගැනීමට සහනාධාර මුදලක් ලබාදීමට කටයුතු යොදා ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ එම හේතුව නිසා මෙවර යල කන්නයේ යූරියා පොහොර මිලදීගැනීම ගොවි අභිමතය පරිදි සිදුකළ හැකි බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...