“සුනිල දිය දහර” ජල ව්‍යාපෘතිය විවෘත වේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලවන මිශ්‍ර ජලය සහ බොන වතුර තබා වැසිකිළි යාමට වත් වතුර පොදක් නැති අපේම ජනතාවක් ජීවත්වන දුෂ්කර සහ අසීරු ප්‍රදේශ ඉලක්ක කරගත් පිරිසුදු පානීය ජල ව්‍යාපෘතියක් වූ බෝයගම, බඹරගම, කඩිගමුව “සුනිල දිය දහර” ප්‍රජා ජල ව්‍යාපෘතිය පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික්කයේදී විවෘත කිරීම රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් සිදුවිය.

රාජ්‍ය අමාත්‍යවරයා සුරතින් ජනතා අයිතියට පත් වූ මෙම පානීය ජල ව්‍යාපෘතිය ලෝක බැංකු ආධාර යටතේ ඉදි කර නිමවා තිබිණ.

සම්පූර්ණ ඇස්තමේන්තු පිරිවැය රුපියල් මිලියන 138 .4 කින් නිමකල මෙමගින් පවුල් 392 කට පිරිසුදු පානීය ජලය සැපයීම සිදු කරයි.

වැඩිදුරටත් කතා කළ රාජ්‍ය අමාත්‍යවරයා ,

” එක අතකට ලංකාව හරි පුදුමයි. සිව් මහා ගංගාවන් ගලන රටක් මේක. කකුල තියෙන තියෙන හැම තැනකම වතුර. ඒත් ගොඩදෙනෙකුට බොන්න වතුර නෑ. නැත්තෙ පිරිසුදු පානීය ජලය. මෙතරම් වතුර තියෙන රටක පිරිසුදු පානීය ජලය මෙතරම් හිඟ වුණේ කොහොමද?

ඕනෑම කෙනෙකුට කෑමට දෙයක් නැතිව දින ගණනක් සිටිය හැකියි. නමුත් වතුර පොදක් නැතුව එක් දිනක්වත් සිටීම අමාරුයි. ඒ ටික හොඳටම ඇති වතුර වල වටිනාකම තේරුම් ගැනීමට. අපි තේරුම් ගත යුතු හොඳම දෙය තමයි තියෙන හැම වතුරක් ම බොන්න බැරී බව. ඒකට හේතුව වෙන්නේ වතුර දූෂණය වීම. වඩාත් නිවැරදිව කිව්වොත් දූෂණය කිරීම. මෙන්න මේ දූෂණය කරන වතුර පිරිසිදු කර පිරිසිදු පානීය ජලය ලෙස ජනතාවගේ තිබහ නිවීමට, ජනතාවගේ ජීවිත වල නිරෝගී පැවැත්මට ලබාදීම තමයි, රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මට පැවරිලා තිබෙන රාජකාරිය.

ජනතාව තෝරා පත්කර රජයක් විදිහට මේක අපේ වගකීමක් මෙන්ම යුතුකමක්. මේ දෙක අපි ජීවිත පරදුවට තබා හෝ ඉටු කරනවා. ඒ කටයුත්තට අපිට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. මොකක්ද රජයෙන් ඉල්ලන සහයෝගය. ජලය ආරක්ෂා කරගන්න. ජලය දූෂණය කිරීමෙන් වලකින්න. පිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන්න.

ඔබ දන්නවාද?  ඔබ අපතේ යවන එක් වතුර දෝතක් තවත් කෙනෙකුගේ තිබහ දෙගුණයකින් වැඩිකරන බව. ඔබ ඇති තරම් වතුර බොන්න. ඒ වගේම වතුර අපතේ යවන්න එපා. මොකද කියනවනම් ඔබ බොන වතුර ටිකටත්, අපතේ යවන වතුර ටිකටත් වියදම් වෙන්නේ ඔබේම සල්ලි. ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි. ඒ හින්දා ගඳක් පාටක් පක්ෂයක් නැති වතුර ටිකට මේ දේශපාලනය ගාවගන්න එපා කියලා බොහොම ආදරයෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටීමට කැමතියි “

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...