*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ගයන්තිකාගේ ශිෂෝකා ජය ඔසාකා හී දී රැක ගැනීමේ උත්සාහය අද…

මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාලාභිණිය වන ගයන්තිකා අබේරත්න අද ඔසාකා හී දී කිනාමි මිචිටකා අනුස්මරණ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.45 ට තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි.ඇය මීට දින කිහපයකට පෙර ශිෂෝකා හී පැවති ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වේ හොඳම කාලය වාර්තා කරමින් ජය ලබා ගැනීමට සමත් වූවාය.ඒ නිසා මේ තරගයේදී ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් ගයන්තිකාට ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇත.එසේම ඇය ද සිය ජයග්‍රහණයේ කීර්තිය රැක ගන්නට දරණ උත්සාහයේ දී පළමු තරගයට ඉදිරිපත් වන විට නොතිබි විවේකයක්ද සහිතව පළමු තරගයට වඩා ඉහළින් දක්ෂතා දක්වන්නට හැකි සෑම උත්සාහයක්ම දරණු ඇත.


පින්ලන්තයේ හෙල්සින්කි හී දී 1952 දී පැවති ඔලිම්පික් උළෙලේ දී මීටර් 110 කඩුලු ඉසව්ව නියෝජනය කරමින් එහි මූලික තරගයකදී තෙවන ස්ථානය දිනා ගත් කිනාමි මිචිටිකා සිහිපත් කරමින් 10 වන වරටත් පැවත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලෝකඩ වර්ණ ක්‍රීඩා උළෙලක් වන මෙම තරගාවලියේ පළමු දිනයේ දී ඊයේ පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කළ අරුණ දර්ශන ශිෂෝකා හී දී දැක් වූ දක්ෂතා තව දුරටත් තත්පර දශම දහයකින් පෙරට ගෙන එමින් මීටර් 400 ඉසව්ව තත්පර 45.49 න් අවසන් කර සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කරන්නට සමත් විය.එමෙන්ම අරුණ සමස්ත තරගකරුවන්ගේ කාලය ගණනය කිරීමේදී සිය දක්ෂතාවය සමස්ත වර්ගීකරණයේ දෙවන තැන රඳවා ගන්නට ද සමත් විය.


නිලානිට තම පෞද්ගලික හොඳම දක්ෂතාවය ආසන්නයට ඒමට හැකියාව නොතිබි අතර ඇයට හිමි වූයේ සිව්වන තැනය.රටක් කළ යුතු වගකීමක් සිය උර මතට ගෙන මේ තරගාවලිය නියෝජනය කරමින් ඔලිම්පික් නියෝජනයට අවශ්‍යය සුදුසුකම් සපුරා ගැනීම වෙනුවෙන් සටන් බිමට ගිය මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම සංචාරයට සහභාගි වූයේ පෞද්ගලිකව මුදල් සොයා ගැනීමෙන් අනතුරුවය.ක්‍රීඩකයින් ගැන වගකීමක් නැති පරිපාලන ව්‍යහුයක් සහිත රටක ඒ නිසා ඔවුන්ට තමන්ගේ දස්කම් වැඩි දියුණු කිරීමට වෙහෙසී පුහුණුවීමට අමතරව අනුග්‍රහයන් සොයා හතර අතේ දිවීමට වැඩි කාලයක් වැය කරන්නට සිඳුවීම ඛේදවාචකයක්ය.
එමෙන්ම තවත් විශේෂත්වයක් වන්නේ මේ තිදෙනාම සුපිරි සංචිතයේ සිටිය ද සිය පුහුණුව සඳහා වඩාත් පහසු සහ සුදුසු ස්ථාන ලෙස කොළඹින් පිටත තෝරා ගෙන සිටින නිසා එම සංචිතය ආහාර සඳහා වියදම් කරන මුදල හෝ රජය මේ තිදෙනා වෙනුවෙන් වියදම් නොකිරීමය.


කන්න හිමි දේ වත් කොළඹ නොසිටින නිසා නොදෙන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මොවුන්ට යෝජනා කරන්නේ මේ දක්ෂතා අවශ්‍යය නැති බවත් කෑම දෙන්නට කොළඹ රැඳි සිටින ලෙසත් විය හැකිය.ඇත්තටම මෙවැනි තීරණවල සිටින නිලධාරීන් ගේ ප්‍රායෝගික නොවන ක්‍රියාකාරකම් හරහා සිඳුවන්නේ ක්‍රීඩකයින්ට ආහාර දීම වෙනුවට ක්‍රීඩාව අනුභව කිරිමක්ය.


ගයන්තිකාගේ ශිෂෝකා ජය ඔසාකා හී දී රැක ගැනීමේ උත්සාහය සජීවීව නරඹන්න
https://www.youtube.com/watch?v=_Ok60zZjv_4

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan