රජාණ්ඩුවට විරුද්ධ වූවන් අත්අඩංගුවට

III චාල්ස් රජුගේ රාජාභිෂේකයේදී උත්සවය කඩාකප්පල් කිරීමේ චෝදනාමත රාජාණ්ඩු විරෝධී ජනරජයේ නායකයා වන ග්‍රැහැම් ස්මිත් ඇතුළු 51ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ කමාන්ඩර් කැරන් ෆින්ඩ්ලේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය පැය 24 පුරාවට අපට ලැබුණු තොරතුරක් මත සැලකිය යුතු පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර රාජාභිෂේක පෙරහැර කඩාකප්පල් කිරීමට සැරසුණු විරෝධතාකරුවන් තීරණය කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

ජනරජය ප්‍රකාශ කර තිබුණේ නූතන ඉතිහාසයේ බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවකට එරෙහි විශාලතම විරෝධතාවය තමන් විසින් එල්ල කරන බවයි. මෙහිදී විරෝධතාකරුවන් කැපී පෙනෙන කහපැහැති ටීෂට් පැළඳ සිටි අතර NOT MY KING යන පුවරු ගෙන සිය විරෝධතාවය ප්‍රකාශ කරනු ලැබීය.

මීට සමගාමීව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ සහ වේල්සයේ කාඩිෆ් හි ද විරෝධතා පැවැත්වූ අතර රාජාණ්ඩුව අහෝසි කර මිනිසුන් පෝෂණය කරන්න යනුවෙන් ඔවුන් සිය තේමාවන් ප්‍රදර්ශනය කරන්නට විය.

රාජකීය චරිතාපදාන රචක ක්‍රිස්ටෝපර් විල්සන් විසින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ජනරජ ව්‍යාපාරය කිසිම ආකාරයකින් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් නොවන බවත්, එය හුදෙක් විරෝධතා හඬක් වන අතර ඔවුන්ට කතා කිරීමේ අයිතියක් ඇති බවත්, භාෂණයේ නිදහස යනු අපගේ ජීවිතයේ එක් ශ්‍රේෂ්ඨ සිද්ධාන්තයක් වන බවත්ය.

එලිසබෙත් රැජිනගේ කිරුළ ඇගේ අඩු ජනප්‍රිය පුත්‍රයා වෙත පැවරීමත් සමඟ බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව සඳහා වන සහයෝගය අඩු වෙමින් පවතියි. පසුගිය මාසයේ YouGov විසින් කරන ලද මත විමසුමකට අනුව එක්සත් රාජධානියේ පුද්ගලයින්ගෙන් 64% ක්ම කියා සිටියේ තමන් කිරීටය කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වන බවයි. ඉන් වයස අවුරුදු 18 ත් 24 ත් අතර අය අතර, සුළු වශයෙන් හෝ කිසිදු උනන්දුවක් නොදක්වන සංඛ්‍යාව 75%කි.

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...