*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

“ඔබට ගෙයක් – රටට හෙටක්”

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ” ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවූ නිවාසවල වැඩ යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 751ක මුදලක් ලබාදී ඇත.

එම නිවාස ව්‍යාපෘතිය මාස හතරකට ආසන්න කාලයක් නතරවී තිබුණේ ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකමින් බවත් , නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මහා භාණ්ඩාගාරය විසින් එම මුලද ලබාදී දුන් බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය දන්වයි.

අදාළ මුදලින් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භ කර මේ වනවිට නතරවී ඇති නිවාස 2,265ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව , ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

“ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට 50ක පමණ වැඩ අවසන්ව ඇති අතර 2021 වසරේදී නිවාස 12,231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6,039ක වැඩ අවසන් කර තිබෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.‍

එමෙන්ම 2022 වසරේදී නිවාස 1,465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණක් බවත් ,  කොරෝනා වෛරස ව්‍යාප්තිය හා රට මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය වසරවල තාවකාලිකව නතර කෙරුණු බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි .

මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ , මෙරට ග්‍රාමසේවා වසම් 14,022ම ආවරණයවන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14,022ක් ඉදිකිරීමට සැලසුම්කර තිබෙන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan