සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා පවසයි . ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති බව නිවේදනය කරයි.

මීට පෙර සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225 ක් වූ අතර එහි නව මිල රුපියල් 250 කි.

ඉන්දියාව සීනි අපනයනය සීමා කිරීම, එලෙස මිල ගණන් ඉහළ දැමීමට හේතුවී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මේ අතර, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර , අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනායනකරුවන්ගේ සංගමය පැවසුවේ, ඒ අනුව තිරිගු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 210 ක් දක්වා ඉහළ යන බවයි.

තිරිගුපිටි සඳහා පනවා තිබූ රුපියල් 03 ක බදු සහනය ඉවත් කිරීම, ඊට හේතුවී ඇතිබව සංගමය තවදුරටත් පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සාවද්‍ය පුවතක් ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ‘ග්‍රාම නිලධාරී සම්බන්ධ...

ආපදාවෙන් අඩාල වූ ජනජීවිත ගොඩගන්න රු. බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:හෙට (18) දින පෙ.ව.09.30ට පාර්ලිමේන්තුව රැස්වෙන අතර හදිසි...

ලෝක කුසලානය නිමාවන තෙක් පන්දු රැකීම පුහුණු කරන්නට ශ්‍රීධර් එයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ නව...

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...