දෙමළ ජාතික සන්ධානය හා ජනපති අතර අද ( 09) හමුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (09) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ, අදාළ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහභාගී වන බවයි.

මේ අතර ජනාධිපතිවරයා සහ උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ලබන 11, 12 සහ 13 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර , බලය බෙදා හැරීම, උතුරු පළාතේ සංවර්ධනය ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.එහෙත්  මෙම සාකච්ඡාවට සහභාගී නොවීමට දෙමළ ජාතික ජනතා පෙරමුණ මේ වන විටත් තීරණය කර තිබේ.

ටෙලෝ සහ ප්ලොට් සංවිධානවල නායකයින් ප්‍රකාශ කර ඇත්තේ, නැගෙනහිර පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තොරව බලය බෙදා හැරීම පිළිබඳව සාකච්ඡා කිරීම නිෂ්ඵල බැවින් එම මන්ත්‍රීවරුන් සහභාගී නොවන්නේනම් තමන් ද සාකච්ඡාවට සහභාගී නොවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...