නව මහ බැංකු පනත ශ්‍රේෂ්ඨාධිකරණයට කරන අපහාසයක් – ගම්මන්පිල (VIDEO)

Date:

කොළඹ LNW:යෝජිත නව මහ බැංකු පනත ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන්ටද සිදුකරන අපහාසයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එය පොඩි එකාගේ ලියවිල්ලක් බදු යැයි ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉතිහාසයේ මෙතරම් දරුණු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ කැපුම් කෙටුම්වලට භාජනය වුණු පනත් කෙටුම්පත්ක තවත් නොමැති බවයි ඔහු කියාසිටින්නේ.

ඒ අනුව මෙහි වගන්ති 39කට සංශෝධන 82ක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩුව කළ යුත්තේ එම පනත කෙටුම්පත් එකී සංශෝධන සහිතව සම්මත කරගැනීම නොව එය ඉවත් කර සංශෝධන පදනම්ව නව පනත් කෙටුම්පත්ක සකස් කර ජනතාවගේ දැනගැනීම පිණිස ගැසට් මඟින් නිවේදනය කිරීම බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් 32 දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට...