*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

විදුලිපුර ටර්බයිනයේ දවසක්

විදුලිපුර ටර්බයිනය ලෙස හඳුන්වන මලල ක්‍රීඩා පුහුණුකරු අනුර බණ්ඩාර යටතේ පුහුණුව ලබන ක්‍රීඩකයින් තිදෙනෙක්ම ඊයේ (මැයි 08) ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව වාර්තා පිහිටුවීම කැපී පෙණුනා.ඊට අමතරව එක් ක්‍රීඩිකාවක් පැරණි වාර්තාව අභිබවා යමින් දෙවන ස්ථානයක් දිනා ගන්නට ද සමත් වුණා.


මේ වන විට ශ්‍රී ලංකාවේ මීටර් 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ පළමු තැන රැකගෙන සිටින ධනුක දර්ශන අවුරුදු 23 න් පහළ වයස් කාණ්ඩයේ නව තරග වාර්තාවක් පිහිටුවමින් තත්පර 51.24 න් එම ඉසව්ව නිමා කරනු ලැබුවා.මෑතකදි නිමාව දුටු ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනූ අයෝමාල් අකලංක මීටර් 400 කඩුලු අවුරුදු 18 න් පහළ තරගය තත්පර 52.66 න් ඉසව්ව නිමා කිරීමද එම වයස් ඛාණ්ඩයේ නව තරග වාර්තාවක් සේ සටහන් වුණා.

මීටර් 300 කඩුලු අවුරුදු 16 පහළ බාලක තරගයේ දී එම ඉසව්ව තත්පර 40.31 දී නිමා කළ යූඑම්ඒ සන්දීප නව තරග වාර්තාවක් පිහිටුවානු ලැබුවා.මෙම තිදෙනාම අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ,අනුර බණ්ඩාර යටතේ නිර්මාණය වූ ක්‍රීඩකයින් වන අතර 16 න් පහළ බාලිකා වයස් කාණ්ඩයේ මිටර් 300 කඩුලු ඉසව්ව තත්පර 46.44 නිමා කරමින් නව වාර්තාවක් තැබූ මහනුවර මහාමායා බාලිකාවේ එච්එම්එන්එස් සෙනවිරත්නට පසුපසින් සිටි අඹගමුවේ යූඑම්එස් හිමාෂනී වාර්තා කළ තත්පර 46.94 කාලය ද පැවති වාර්තාව ඉක්මවා යාම කැපී පෙණුනා.
මෙම ඉසව් හතරට අමතරව පිටියේ ඉසව් ලෙස ක්‍රියාත්මක වූ අවුරුදු 16 පහළ උස පැනීමේ තරගයේදී තරූෂ මෙණ්ඩිස් මීටර් 1.94 ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටවනු ලැබුවා.ඔහු වත්තල ලයිසියම් විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයෙක්.යාපනයේ හාර්ට්ලි විද්‍යාලය නියෝජනය කරමින් අවුරුදු 23 න් පහළ කවපෙත්ත ඉසව්වට සහභාගි වූ කුමාර් මිතුන්රාජ් මීටර් 43.61 ක දක්ෂතාවයක් දක්වමින් එම වයස් කාණ්ඩයේ තරග උළෙල වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

එසේම ඊයෙ මීටර් 200 අවුරුදු 23 න් පහළ තරගය ජයගත් ඉසුරු අබේවර්ධන ඔහුගේ මූලික තරගයේ දී වාර්තා කළ කාලය වූ තත්පර 21.42 එම වයස් කාණ්ඩයේ නව උළෙල වාර්තාවක් සේ සටහන් වුණා.
ඒ අනුව ඊයේ දිනයේ දී නව වාර්තා හතක් වාර්තා වූ අතර ඉන් වාර්තා තුනක හිමිකරුවන් වන්නට අනුර බණිඩාරගේ ක්‍රීඩකයින් සමත් වූ අතර එක් ක්‍රීඩිකාවක් පැරණි වාර්තාව ඉක්මවා යාමට සමත් වුණා.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan