හිරුණිකාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අද (09)

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (09) කොළඹ මහාධිකරණයේ  විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදී ආරම්භ කෙරුණි.

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට චෝදනා එල්ලවී තිබෙන අතර, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පැහැරගෙන යාමට ලක්වූ බව කියන අමිල ප්‍රියංක අමරසිංහ නමැත්තා කියා සිටියේ 2015 වසරේ තමා දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසැලක සේවය කළ බවය.

එම රෙදිපිළි වෙළඳසැලට චමිලා ගීතානි නමැත්තිය වරින් වර පැමිණි බවත් පසුව ඇය සමග තමා සම්බන්ධයක් ඇතිකර ගත් බවත් සාක්ෂිකරු සඳහන් කර ඇති අතර ,තමාව පැහැරගැනීමට ලක්වූයේ එම සිද්ධියෙන් පසුව බවත් ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...

රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...