විපක්ෂ නායක සජිත්ගෙන් ජනපතිට ඇමතුමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීම  කල් දමා සම්මුතිවාදයකින් කටයුතු කරන්න අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී තමා විසින් අද උදෑසන ඉල්ලා සිටි බව විපක්ෂ නායකවරයා පැවසූ අතර , තමාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බවත්, එම එකඟතාවය පිළිබඳ  පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිතුමා තමාට දැනුම් දුන් බවත්  විපක්ෂ නායකවරයා අද (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එහිදී  විපක්ෂ නායකවරයා මෙසේද පැවසිය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව’ කෙටුම්පතේ වගන්ති 46ක් ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිය දී, මුදල් කාරක සභාව කළ යුතු සංශෝධන සාකච්ඡා කර නොතිබිය දී, ආණ්ඩුව එක් දින විවාදයකින් පනත සම්මත කරගැනීමට තැත් කිරීම බරපතල කාරණයක් බව උත්තර සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

කෙසේවුවද විපක්ෂයේ ඉල්ලීමට අනුව, නව ශ්‍රී ලංකා මහ බැංකුව පනත මේ සතියේ විවාදයට නොගැනීමට අගමැතිතුමා එකඟතාව පළ කළ බව ඔහු කියා සිටියේය .

ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත් මෙම සතිය තුළ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...