Robert De Niro : වයස 79 යි; තවමත් ඵල දරයි!

Date:

1943 අගෝස්තු 17 වන දින උපත ලද Robert Anthony De Niro ඇමරිකානු රංඟනශිල්පියෙකි. ඔහුගේ පරම්පරාවේ ප්‍රවීණයෙකු ලෙස සැලකෙන Robert De Niro ඇකඩමි සම්මාන දෙකක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ඇතුළු සම්මාන ගණනාවක අයිතිකරුවෙකි.

කෙසේ වෙතත් මේ සටහන ඔහුගේ පවුලට අලුතින් එකතු වුණු සිඟිත්තා ගැනයි. මෙම වසරෙහි අගෝස්තු මාසයේ තම 80 වැනි විය පසු කිරීමට සිටින ඔහුට නම් වයස යනු නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි. ඔහුගේ තරුණ පෙම්වතිය වන Tiffany Chen මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින බවක් දක්නට ලැබුණු අතර එය මල් ඵල දරමින් ඔන්න ඔහුගේ හත්වන දරුවාගේ උපත මෙලෙස නිවේදනය කර ඇත.

De Niro ට කාන්තාවන් හතර දෙනෙකුගෙන් දරුවන් හත් දෙනෙකු මේ වන විට සිටී. දෙදෙනෙකු ඔහුගේ පළමු බිරිඳ Diahnne Abbott සමඟ, තවත් දෙදෙනෙක් පෙම්වතිය වූ Toukie Smith සමඟ සහ දෙදෙනෙක් ඔහුගේ හිටපු බිරිඳක් වන Grace Hightower සමඟ මෙන්ම අලුත උපන් බිළිඳා ද ඒ අතර වෙති.

වයසට අභියෝග කරමින් ජීවිත වේදිකාවේ තමාට ම වූ පරපුරක් නිර්මාණය කළ ඒ අද්විතීය මිනිසාට අපි සුවබර අනාගතයක් පතමු!

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...