සිමෙන්ති මාෆියාව පිටුපස ඉන්නේ ආනයනකරුවන්.රජය වහාම මිල පාලනය කළ යුතුයි! (VIDEO)

සිමෙන්ති මිල ඉහළ යාමේ මාෆියාව පසුපස සිටින්නේ එම ආනයනකරුවන් වන හෙයින් වහාම රජය මැදිහත් වී මිල පාලනය කළ යුතුව ඇති බව ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව සඳහන් කළේ පවතින සිමෙන්ති හිඟය හා ඒ ආශ්‍රිත ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අද (01) මාධ්‍යයට අදහස් දක්වමිනි.

”සිමෙන්ති මාෆියාවක් තියෙද්දී 75%ක් හාර්ඩ්වෙයාර්ස්වලට සහ ඩීලර්ස්ලට සිමෙන්ති කර්මාන්තශාලා වලින් නිකුත් කරද්දී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා 1900ට 2000ට සිමෙන්ති කොට්ටයක් අරන් මේ කර්මාන්තය කරන්නේ කොහොමද?මේක තමයි අපි ආණ්ඩුව කියන්නේ මේක නතර කරලා දෙන්න එහෙම නැත්නම් අපට දෙන්න කෝටා එකක් සාධාරණ මිලකට. මේ වැඩේ තවදුරටත් ගියොත් මේ කර්මාන්තය නැතිවෙනවා.” යනුවෙන් මෙහිදී ලියනාරච්චි මහතා කියා සිටියේය.

මේ වනවිට රට තුළ සිමෙන්ති හිගයක් පවතින අතර අවශ්‍ය තොග රටට නොපැමිණීම නිසා මෙම තත්ත්වය මතුව තිබෙන බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව මේ වන විට දැනට සිමෙන්ති ලක්ෂ 03ක හිඟයක් පවතින බවයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් ඉදිරියේදී මෙරට ඉදිවන සිමෙන්ති කර්මාන්තශාලා දෙකත් සමඟ සිමෙන්ති මාෆියාව නැතිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

එහෙත් රජය මැදිහත් වී වහාම මිල පාලනය කළ යුතුව ඇති බවත් වතුර බෝතලය අතහැරි ආකාරයෙන් සිමෙන්ති කොට්ටය අතහැරිය නොහැකි බවයි ලියනාරච්චි මහතා අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...