*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ජනාධිපතිතුමාට ශක්තියක් වෙමු – එස්. බී.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි කිසිවකුත් ජනාධිපති අපේක්ෂකයෙක්  පිළිබඳව හිතලවත් නැති බවත් මෙම අවස්ථාවේ ඔවුන්  මුලිකත්වය දෙනු ලබන්නේ රටේ ආර්ථිකය ඝෘණ තත්වයෙන් ධන තත්වයට ගෙන ඒම සඳහා ජනාධිපතිතුමාට ශක්තියක් වීම පමණක් බවත්  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  ගෙනයන වැඩපිළිවෙලට පක්ෂයක් වශයෙන් සහය දීමට සූදානම් බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2023.05.10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා,

“මේ මැයි දිනය මේ රටේ සියලූම දේශපාලන පක්ෂවලට ඉතාම හොඳ  පණිවිඩයක් දුන්නා. මේ රටේ තිබෙන විශාලම ක්‍රිඩාපිටියේ සංවිධානය කරපු මැයි රැළිය අපි මේ තද අර්බුදකාරි තත්වයක් යටතේ සතපහක්වත් බස්වලින් මිනිස්සුන්ව අදින්නේ නැතිව ඉතා සාර්ථක මැයි දිනයක් පැවැත්තුවා. ඒ නිසා අපිත් තේරුම් ගතයුතු එක කාරණයක් තිබෙනවා. වහාම මේ රටේ වාමාංශික ප්‍රගතිශිලී දේශප්‍රේමී කණ්ඩායම්වල එකතුවීම මේ අවස්ථාවේ ඉතාම වැදගත්. අපෙන් ගිලිහුණ වීරවංශ ඇතුලු කණ්ඩායම, ජී.එල්.පීරිස් කණ්ඩායම, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම මේ සියලුදෙනාම තේරුම් ගන්න ඕන අපි මේ විදිහට වේගයෙන් බැදුනොත් නැත්තටම නැතිවෙලා හේදිලා යනවා.

මේ අය තේරුම් ගත යුතුයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් තේරුම් ගත යුතුයි ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායක වුණත් ඔවුන්ටත් එහෙම තනියෙන් බලය අරගෙන නැගිටින්න කිසිසේත් බැරි බව මේ මැයි දිනයෙන් පෙනුනා. අපි බොහෝම අමාරුවෙන් තමයි IMF එකෙන් බිලියන 2.9 ක් අනුමත කරගත්තේ. මේ විදිහට අනුමත වුණේ මේ රටේ හිටපු රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමයි.  අපිට මේ අවස්ථාවේ 2.9 දිලා මේ බංකොලොත් තත්වයෙන් අපි මෙහෙම නැගිට්ටවලා ගත්ත උදව්ව ලොකු උදව්වක්.

අපි ඕනවට වඩා IMF එක ගැන බලාපොරොත්තු තියාගන්න ඕනේ නෑ. මේ අවස්ථාවේ IMF එකේ පැතුම ලංකාව , පකිස්තානය වැනි රටවල් වට්ටලා තියාගන්න ඒ පිරිසගේ පැතුම.  ලංකාවේ ඒ වැඩේ කරන්න දෙවරක් හිතන්න වෙලා තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා  නායකත්වය අරගෙන ඉන්න හින්දා.  අපි වට්ටලා තියාගන්න IMF එකට , ඇමරිකාවට, ලෝක බැංකුවට වුවමනාවෙලා තිබෙන්නේ අපිත් එක්ක තරහට නොවේ චිනයත් එක්ක තරහට. මේ කාරණය පිළිබඳව ඉතා ප්‍රවේශමෙන් කල්පනා කරමින් අපේ රට නැගිට්ටවන්න උත්සහ කරන්න ඕන.

ඒ වැඩේ හරියට තේරුම් අරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැඩකරගෙන යනවා. අපේ රටේ ලොකු කලබලයක්, ආන්දෝලනයක්  ගියාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි කවුරුවත් ජනාධිපති අපේක්ෂකයෙක්  පිළිබඳව හිතලවත් නෑ.  ඒ පිළිබඳව සාකච්ඡා කරලවත් නෑ. අපි මේ අවස්ථාවේ හිතන්නේ මේ රටේ ආර්ථිකය වහාම ඝෘණ තත්වයෙන් ධන තත්වයට ගේන්න. ජනාධිපතිතුමා  රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනියන වැඩපිළිවෙලට අපි උදව් උපකාර කරන්න ඕන. එය මේ රටට ඉතාම අවශ්‍ය කාරණයක්. ඒ බව එතුමා හොඳින්  තේරුම් අරගෙන තිබෙනවා. ඒ සඳහා මේ රටේ සංචාරක ව්‍යාපාරය පුළුවන්තරම්  ශක්තිමත් කරලා නැගිට්ටවන්න ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙලා තිබෙනවා . ඒ වගේම  උසස් අධ්‍යාපනය වගේ දේවල්වලින් අපි පුළුවන් තරම්  විදේශ  විනිමය ලංකාවට ගලාගෙන එන්න ආසියානු , මැදපෙරදිග  දරුවෝ මේ ලංකාවට ආකර්ශනය කරගන්න තැනට ගෙන ඒම සදහා අප වැඩකරන්න ඕන.  අපි පුළුවන් තරම්  අලුත් අලුත් විශ්වවිද්‍යාල, විදේශීය විශ්වවිද්‍යාල මේ රට තුළට ගේන්න ඕන කියන කාරණය එතුමා ඉතාම නිවැරදිව කරගෙන යනවා.

අපේ විදේශ ආයෝජකයන් පිළිබඳව තිබෙන ලංකා සහතිකය ඉතා නරකයි. අපි ආයෝජකයන්ට ආරාධනා කරලා අපේ රටේ දේශපල සින්නක්කරව දිලා, නැතිනම් බද්ධට දිලා එහෙම යන වැඩපිළිවෙලකට අපි යන්න ඕන. සිංගප්පුරුව, මැලේෂියාව වැනි රටවල් බද්ධට ඉඩම් ලබාදිලා  විදේශ ආයෝජකයන්ට අවශ්‍ය සියලුම ශක්තීන් දිලා ගෙන්න ගත්තේ.  ඔවුන් වේගයෙන් සාර්ථකව ඉස්සරහට යනවා.  ඒ වගේම ජනාධිපතිතුමාගේ  ලොකු උත්සහයක් තිබෙනවා  මේ රටට පුළුවන්තරම් විදේශ ආයෝජකයන් ගෙන්වා ගන්න. ඒ වෙනුවෙන්  අපේ පක්ෂයේ දිය හැකි  සියලුම උදව් උපකාර කැපකිරීම් කරන බව කියන්න කැමති.”

යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan