ඇමතිගේ ආසාව අනුව වැඩ කරන්න බැහැ – ජාතික ඔලිම්පික් කමිටු සභාපති

Date:

ක්‍රීඩා අමාත්‍යවරයාට ආසා නැතිනම් නිලවරණයකින් පත් වූ පිරිසකට යන්න කියන්නට හැකියාවක් නැති බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් සඳහන් කරනවා.ඔහු පවසන්නේ ක්‍රීඩා පණතේ හැටියට නිසියාකාරව චෝදනා කර පරික්ෂා කර ඉවත් කිරීමට ඇති හැකියාව පිළිගත්ත ද අමාත්‍යවරයාගේ කැමත්ත අකමැත්ත මත ඉවත් කිරීම වැරදි බවයි.

ජාත්‍යන්තර රගර් සම්මේලනයට ලිපියක් ලියමින් ආමාත්‍යවරයා විසින් පත් කරන ලද ස්ථාවරකරණ කමිටුව පිළි නොගන්නා බව ජාතික ඔලිම්පික් කමිටුව පැවසුවේ ඇයි ද යන්න පැහැදිළි කිරීම සඳහා මාධ්‍යයට කරුණු දක්වමින් ඔලිම්පික් කමිටු සභාපතිවරයා මේ බව පැවසුවා.
ඔහු පෙන්වා දුන්නේ තමන් මෙන්ම ජාත්‍යන්තර රගර් සම්මේලනය ද රගර් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යටතේ පවතින බවයි.එවැනි අවස්ථාවක ජාත්‍යන්තරයේ පොදු එකඟතාවයන්ට අනුව කටයුතු කළ යුතු බව පෙන්වා දුන් සභාපතිවරයා එක එක රටට එක එක විදිහට කටයුතු කරන්න එහි ඉඩක් නැති බව පෙන්වා දුන්නා.ශ්‍රී ලංකා රගර් සම්මේලනය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම පමා කරමින් සිට එය අධිකරණයට දැණුම් දී ආසායානු සම්මේලනය බලාපොරොත්තු වූ නිදහස් කිරීම සිඳු කර යළි තිබුණ පරිපාලනය ඉවත් කිරීම ගැන සිතා ගන්නට තමන්ට නොහැකි බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ ගැන කිසිඳු දැණුම්දීමක් තමන්ට කර නැති බව ද පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා මීට පෙර පැන වූ තහනම් නියෝගද අධිකරණයේ විභාග කරමින් තහනම ඉවත් කර තිබියදී මේ ආකාරයේ තීරණයක් කුමන හේතුවක් නිසා ගත්තේ දැයි සිතා ගැනිමට නොහැකි බව ඔලිම්පික් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නා.මෙවැනි ක්‍රියා අමාත්‍යවරයාගේ සමීපයේ සිටින ඇතැම් අයගේ වැරදි තීරණ නිසා ගන්නා ඒවා බව තමන් සිතන බවත්,එවැනි අවස්ථාවකදී තමන්ගෙන් මේ ගැන විමසුවානම් සහය විය හැකිව තිබුණ බවත් සභාපතිවරයා පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර රගර් සම්මේලනයට එවැනි ලිපියක් ලිවිමට හේතු පැහැදිළි කළ සුරේෂ් සුබ්‍රමනියම්,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යටතේ පවතින ආයතනයක් වන එම සම්මේලනය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිතත්වය දරණ තම ආයතනයෙන් ඒ ගැන විමසූ විට එම පිළිතුර ලබා දුන් බව පවසනවා.නිලවරණයෙන් පත් වූ නිලධාරී කණ්ඩායමක් නිවැරදි පරික්ෂණයකින් තොරව ඉවත් කළ අවස්ථාවක ඔලිම්පික් කමිටුවට ඊට එකඟ විය නොහැකි බව පැවසූ ඔලිම්පික් කමිටු සභාපතිවරයා සෑම රටකටම බලපාන පොදු නීති යටතේ කටයුතු කිරීමට තම ආයතනය බැදී සිටින බව ද පෙන්වා දුන්නා.
සභාපතිවරයා ගේ මාධ්‍යයට කරුණු දැක්වීම මේ සමඟ සම්පූර්ණයෙන් පළවෙනවා.

https://www.youtube.com/watch?v=ZYXwwwFLVQs

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...

හල්ලොලුවට ඇප නෑ!

රෂිකා හෙන්නායක අගෝස්තු 28,කොළඹ LNW : ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු...