අද පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් ?

Date:

අද (11) දිනයේදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩු පක්ෂයේ වැඩපිළිවෙලට සහාය ලබාදෙන බවට ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙසේ ආණ්ඩු පක්ෂයේ වැඩපිළිවෙලට සහාය දෙන බව ප්‍රකාශ කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය දක්වන මේ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය තනතුරු නොලැබෙනු ඇති අතර ඉදිරි දින කිහිපය තුළ කිසිසේත්ම කැබිනට් සංශෝධනයක් නම් සිදු නොකෙරෙනු ඇති බවත් විස්වාසදායක දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මෙසේ කැබිනට් සංශෝධනය කෙරෙහි දීර්ඝ කාලයක් බලාපොරොත්තුවෙන් සිටියත් එය සිදු නොවන තත්වයක් තුළ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලැබිමට නියමිත සෘජු විදෙස් ආයෝජන සම්බන්ධයෙන් සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින් අදාළ මන්ත්‍රීවරුන් ඊට සහාය පළකරන්නේ යැයි ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර පසුගිය දිනක ජනාධිපතිවරයා හමුවී ආණ්ඩුවට එකතු වීමට කැමැත්ත පළ කළ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට මැතිවරණයක් ප්‍රකාශයට පත්වෙන තුරු ඉවසා සිටින්නැයි ජනාධිපතිවරයා පවසා ඇති බවත් සමීප ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...