*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

ඇතුළත්වීමේ ගාස්තුව, දෙදාහයි තීන්ත ටින් එකයි – බුරුසුවයි

කුරුඳුවත්ත පොලිසිය බහින්න කිව්වම කීකරු වෙලා බැස්සා. නින්දෙන් හිටියෙ අරගලේ. ඒ නිසා හිතුණෙ එතනින් අරං ඇවිත් පොලිසියේ බස්සනවා කියලා. බැහැලා බලන කොට සුදු පත බිල්ඩින් එකක් තියෙනවා. ළඟ හිටිය කෙනෙක්ගෙන් ඇහැව්ව මේ මොකද්ද මේ කියලා. ඕක තමයි සෙල්ලම් පාලනය කරන තැන කියලා. මනුස්සයා කිව්වා.

වටපිට බලන කොට දැක්කෙ පත කටවුට් එකක්. පොළොන්නරුවේ සකුරා රඟන “පණත මමයි – මම ඇමති” කියලා ගහපු අලුත්ම චිත්තරපටියෙ කටවුට් එක. එක අතක වාහන ජැක් එකකුයි අනිත් අතේ දහයෙ දොළහෙ ප්‍රමාණයෙ වගෙ යතුරකුයි තියාගෙන මජං ගැවුණු ඇඳුමක් ඇඳගෙන ටෝකියෝ වගෙ තැනක හිටං ඉන්න සිකුරගෙ පිංතුරයක්.

බලනවද ට්‍රේලර් එක

අර මනුස්සය පෝන් එකෙන් යූටියුබ් ඔන් කරගෙන.

ක්‍රීඩා පණතෙ අරව මේවා කරන්න ඕනි නැහැ. මම ඇමති. මට අකමැති නම් අභිමතය පරිදි කියන වචනෙ විතරක් ගන්නවා.

නිලධාරියෙක් ඉන්නවා ඒකට චුට්ටක් විතර අකමැති.

තමුසෙට මතකද 69 ලක්ෂයක් ඡන්දෙ දීලා පත් කරගත්තු මනුස්සයව. එයා කිව්වනෙ චක්‍රලේඛය එයා කියලා. මේකෙත් ක්‍රීඩා පණත මම.

තව දුරටත් සකුරා සද්දෙ දානවා.

නමුත් සර් මේවා ලෝක ලෙඩ. අපිව තහනම් කරයි.

මනුස්සය ටයි එක සුරුට්ටුවක් ගාණට ඔත ඔත කියනවා.

තහනම් කරාම තමුසෙට පාන් ද? එහෙම වුණොත් අපි පටන් ගම්මු ආර්ථිකයට පහසුකමක් හැදෙන සෙල්ලම්. වාහනයක් ඉක්මණින් එසෙම්බල් කිරීම, වාහනයක් ඉක්මණින් මස් කර කෑලි වෙන් කර පෙන්නීම වගෙ එවා.

අර නිලධාරියා වාෂ්ප වෙනවා. අනිත් කට්ටිය අත්පුඩි ගහනවා. සර් අරවත් තහනම් කරමු මේවත් තහනම් කරපු අපි දන්න අයව දා ගම්මු කිය කිය අත්පුඩි අස්සෙ කියනවා.

මේ අස්සෙ රගර් බෝලයක් වගෙ වැඩිපුර පිම්බිලා වගෙ මූණ තියෙන ගොන්සො කියනවා ස්ර් අර පිට්ටනියෙ ප්‍රශ්නයක්.

මොකද්ද

ඒකේ ඉරි නැහැ

ඒවා හිතන්න එපා අපි ඒකට කියමු ක්‍රීඩාවට අසීමාන්තික නිදහස කියලා

උපදේශක මරු උපදේශයක් දෙනවා.

චිත්‍රපටයෙ නැති රූප රාමු විදිහට මීටර් 400 එක එකා හැප්පි හැප්පි කකුල් මාට්ටු දදා පිස්සො වගෙ දුවන රූප පෙළක් මැවිලා පේනවා. මේඩ් ඉන් ලංකා ෆොර් හන්ඩ්‍රඩ් කියලා සුද්දෙක් හිනා වෙනවා.

ඌ ඇඳං ඉන්නෙ කොළ අතු ටිකක්. මනුස්සය කියන්නෙ ඒ වගෙ ඉසව්වකට ගැලපෙන ඇඳුම ඒක කියලා.

මං ඒ ග්‍රෝත්‍රිකාගාරයෙන් පැනලා ටොරිංටන් පැත්තට ගියා.ඩීඑස්  මහත්තයා මට පේන්නෙ ක්‍රීඩා සංගම් දිහා බලාගෙන අඩනවා වගෙ.

පිස්සුද බං. මේවෑ ඉන්න එවුන් තමන්ට ඕනි ඕනි දේවල් කර කර නිදහසේ හිනාවෙන එක ගැන මහත්තය ඉන්නෙ මාර ආතල් එකේ.

එහෙම කියලා කියපු එකත් නක්කලේට හිනා වුණා.

නගින කොටම තමුසෙ, ඕවි පිස්සුද අයිසෙ වගෙ වචන මාලාවක් ගලාගෙන එනවා.මං හිතුවෙ අපරාධ කොට්ඨාශය හරි මොකක් හරි මේ ගොඩනැඟිල්ලට ගෙනත් කියලා. එබිලා බලන කොට අවුරුදු 16 විතර කෙල්ලක්ට බනින්නෙ. ඒකි අර කළුතර කෙල්ල දූෂණය කරන්න හදද්දි වගෙ ඉන්නවා කියලයි මට හිතුණෙ.

අනිත් අය ඉතිං ඒකත් පස්ව සිට ඒ ශිෂ්ඨ භාෂාවට විරෝධයක් නැතුව හිනා වෙවී ඉන්නවා. කෙල්ල ඉද්ද උඩ පනින එකියක් බව දැක්කෙ. අමාරුවෙන් හිත හදාගෙන ගොඩනැඟිල්ලෙන් පල්ලට පනින්නෙ නැතුව කෙල්ල පිට වෙලා ගියා.

ඊට පස්සෙ ආව ප්‍රශ්නය තමයි ට්‍රැක් එකේ දුවන්න ඉරි නැහැ කියන එක.

ඇප්ලිකේෂන්වලට 2000 ක් ගන්න ගමන් හැම ළමෙක්ටම අනිවාර්යෙන් මතක් කරන්න තීන්ත ටික් එකයි බ්‍රෂ් එකයි ගෙනත් තමන්ගේ ධාවන පථය සකසා ගැනීම වගකීමක් බව.

ඒකට මොකුත් කරන් බැහැ. සකුරා ළඟ හිටියට ගොන්සො බේබි කුමාරගෙ ගෝලයා. බේබිත් ඉතිං නිකං අත පිහදාගන්න උදව් කරන්නෙ නැහැනෙ. මං ස්කෝලෙ හිට එක්ක ගි ය දරුවො. එයාටනම් දුකක් දෙන්න බැහැ.

කට්ටිය ලොක්කගෙ කඳුළු පිහදාගන ගමන් කඳුළින්ම කොළේක ලියා ගත්තා 2000ට අමතරව තීන්ත ටින් එකක් සහ බුරුසුවක් ගේන්න දැණුම් දෙන්න.

ද ක්ලීනර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan