“මෝචා” සුළි කුණාටුව ගැන තවදුරටත් අනතුරු ඇඟවීම්!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): නැගෙනහිර-මධ්‍යම බෙංගාල බොක්ක හරහා ඇති වූ “මෝචා” නමින් හැඳින්වෙන ඉතා දරුණු සුළි කුණාටුව ඊයේ දින (13) අතිශය දරුණු සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී පෙ.ව. 05.30 ට උතුරු දෙසට 15.4 සහ නැගෙනහිර දෙසට 89.1 ආසන්නයේ කේන්ද්‍රගතව පැවති අතර, අද දින (14) දහවල් වන විට එය උතුරු-වයඹ දෙසට ගමන් කර අග්නිදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික ආපදා පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

නැවත දැනුම් දෙන තුරු (05N – 20N) සහ (83E – 100E) අතර මායිම් වූ මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන් ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරේ, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, හම්බන්තොට සහ මාතර හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරකම්වල යෙදීම අනතුරුදායක බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් විමසිලිමත් ව සිටින ලෙස ලෙස නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව ද එම මධ්‍යස්ථානය පවසයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) දින කාලගුණ අනාවැකිය ප්‍රකාශයට පත්කරමින් පවසා සිටියි.

සෙසු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, දිවයින පුරා විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම අනාවැකියේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...