සමඟියේ දෙදරීමක් නම් නැහැ. හැබැයි හෙට අනිද්දට ආණ්ඩුවට බහුතරය නැති වෙනවා (VIDEO)

Date:

කොළඹ LNW: ආණ්ඩුවේ ඇතැමුන් පවසන පරිදි සමඟි ජන බලවේගයේ කිසිම දෙදිරීමක් නොමැති නමුත් හෙට අනිද්දා වන විට ආණ්ඩුවට බහුතරය නැති වෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ඒ, අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මේ වන විට ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු 34ක් විපක්ෂයේ මතයත් සමඟ සිටින මොහොතක ආණ්ඩුව දැඩි ලෙස බිඳ වැටී තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”රටේ ප්‍රශ්න එකක්වත් විසඳලා නැහැ. ආණ්ඩුවට කවුරු හරි එකතුවෙනවා නම් අපි දකින්නේ එය මේ රට බංකොලොත් කරපු කණ්ඩායම ආරක්ෂා කරන්න එකතු වීමක් හැටියට. පක්ෂයේ තීරණයකට පටහැනිව ක්‍රියාකරන ඕනෑම කෙනෙක් මොන කතාව කිව්වත් එය විනය විරෝධී කටයුත්තක් හැටියටයි අපි සලකන්නේ. ආණ්ඩුවේ මැති ඇමතිකම් ගන්න අපිට ජන්දය දීලා නැහැ.තනතුරු වෙනුවෙන් ජනතා අපේක්ෂා යටපත් කරන්න ඉඩදෙන්න බැහැ. අද ආණ්ඩුව රැකගන්න ජනාධිපති සහ ආණ්ඩුව බොහෝ උපක්‍රම යොදමින් ඉන්නේ. මේ වෙද්දී 34ක් ආණ්ඩුවෙන් ගිලිහිලා විපක්ෂයේ මතයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ආණ්ඩුව දැඩි ලෙස බිඳ වැටිමක ඉන්නේ. තව හත් අට දෙනෙක් වෙනස් වුණ ගමන් මේ ආණ්ඩුව වැටෙනවා.
වැඩි කලක යන්න කලින් ආණ්ඩුවට බහුතරය අහිමි වෙනවා.

ඒ අනුව ආණ්ඩුව තුළ විශාල දෙදරීමක් තිබෙන බව ඊයේ දින හිටපු ඇමතිවරයෙක් වූ එස්. එම්.චන්ද්‍රසේන මහතාගේ ප්‍රකාශයෙන්ම තහවුරු වී තිබෙන බවද අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...