තමා ඉවත් කළහොත් එය ඉතිහාස ගත වැරැද්දක් බව ජනක රත්නායක පවසයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරි මාස හයේදී අඛණ්ඩව විදුලිබල සැපයුම සඳහා ලංවිමට වැය වන මුදල රුපියල් බිලියන 392 සිට රුපියල් බිලියන 285 දක්වා අඩු වන බවට ලංවිම ගණන් බලා තිබෙන නිසා විදුලි ගාස්තු 27% කින්  වහාම පහත හෙළිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

විදුලි වියදම ඒ අනුව රුපියල් බිලියන 107 කින් පමණ අඩුවීම නිසා ගාස්තු අඩුකළ යුත්තේ 3% ක ප්‍රතිශතයකින් නොවන බවත් 27% ක ප්‍රතිශතයකින් බවත්  රත්නායක මහතා අවධාරණය කර සිටියේය.

විදුලි ගාස්තු පහළ දැමීමට ලංවිම කර තිබෙන යෝජනාව සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසමේ ස්ථාවරත්වය ප්‍රකාශ කිරීම සඳහා  කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර , විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය නිවැරදි දත්ත ඉදිරිපත් කර නැතැයි ද ඒ මහතා එහිදී චෝදනා කළේය.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී විදුලි ගාස්තු 60% කින් වැඩිකරනු ලැබුවේ ව්‍යාජ දත්ත මත බව ද රත්නායක මහතා කියා සිටියේය. මේ වනවිට විදුලි බිල 27% කින් අඩු කිරීමට හැකියාව තිබියදී නිවැරදි වියදම් දත්ත වසන් කර විදුලි ගාස්තුව 3% කින් පහත හෙළීමට කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙන බව ද ඒ මහතා කීය.

නිවැරදි වියදම් දත්ත කොමිසම වෙත එවන ලෙසට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට මේ වනවිටත් දැනුම්දී ඇතැයි ද ඒ මහතා සඳහන් කළ අතර, පෙබරවාරි මාසයේදී  66% කින් විදුලි ගාස්තු වැඩි කළේ ව්‍යාජ දත්ත පෙන්වමින් යැයි ද ඒ මොහොතේ විදුලි ගාස්තු වැඩි කළ යුතුව තිබුණේ 35%කින් පමණක් යැයිද රත්නායක මහතා කියා සිටියේය.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා විදුලිබල පනතට ප්‍රකාරව වුවත් ලංවිම ලබාගන්නා ණය පවා පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමට යෝජනා කරමින් අදාළ අනුමත ක්‍රමවේදයට පටහැනිව ලංවිම යෝජනා සකසා තිබෙන බව ද ඒ මහතා කී අතර , ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාම, විනිමය අනුපාත යහපත්වීම යන කරුණු මත විදුලි ගාස්තු ගණනය කළ යුත්තේ සැබෑ වියදම මත පදනම් කරගෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

මහජනතාව වෙනුවෙන් කටයුතු කරන තමා තනතුරින් පහකර දැමීමට ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට අත්ඔසවන මන්ත්‍රීවරුන් කරන්නේ ඉතිහාස ගත වරදක් බව ද ඒ මහතා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...

ගාලු පුර ක්‍රීඩා සහ සංස්කෘතික මුසුවකින් හැඩ කළ ඔලිම්පික් දින උළෙල

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ශ්‍රී ලංකාව හරාරේ යන්න නියමිතයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ඒකාබද්ධ ගොවි සංවිධානයෙන් රජයට ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : 2024 වසරට සාපේක්ෂව...