ජනතාවගේ මූලික අයිතීන් පවා උල්ලංඝනය කරන මේ ආණ්ඩුව එක්ක අපේ සම්බන්ධයක් නෑ – සජිත්

Date:

භාෂණයේ ප්‍රකාශනයේ හා අදහස් පළ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන් සනාථ කර ඇති බවක් ඊට අමතරව සාමකාමීව උද්ඝෝෂණය කිරීම නිදහස පවා රට තුළ තහවුරු කර ඇති අවස්ථාවක මේ රජය නිරතුරුවම ජනතාවගේ මූලික අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසන තත්ත්වයකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙරට ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රීය අයිතිය භාවිත කිරීමේ නිදහස පැවැතිය යුතු බවත් එය රජය අහෝසි කිරීම විපක්ෂයක් ලෙස තරයේ ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා කැලනිය විශ්වවිද්‍යාලය අසළ සාමකාමී උද්ඝෝෂණයක නිතරව සිටිය දී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා බැලීමට රාගම රෝහලට ඊයේ (19) පැමිණි අවස්ථාවේදී ය.

මැතිවරණය වළක්වා ඒකාධිපති පාලනයක් ගෙන යමින් ජනතාවගේ මූලික අයිතින් පවා මේ ආණ්ඩුව උල්ලංඝනය කරන බවත් එවැනි ආණ්ඩුව සමග කිසිදිනක තමාට හෝ ජනතාවට හිතැති තම පක්ෂයේ කාටවත් සම්බන්ධයක් නොමැති බවත් කිසිදින මේ ජනතා විරෝධී ආණ්ඩුව සමග එක් නොවන බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ):...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...