හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් අභාවප්‍රාප්ත වේ

Date:

රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් අභාවප්‍රාප්ත විය.

පෙරේදා (18) දින ඔහු මියදෙනවිට 66 වියෙහි පසු වූ අතර ,ඔහු කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ හා තර්ස්ටන් විද්‍යාලයේ ආදී සිසුවෙකි.

අභාවප්‍රාප්ත රොහාන් ඩයස් ගේ දේහය බොරැල්ල AF රේමන්ඩ් මල් ශාලාවේ තැම්පත් කර තිබූ අතර, දේහය පිලිබඳ අවසන් කරයුතු අද (20) පස්වරුවේ දී මට්ටක්කුලියෙදී සිදු කර ඇත.

උතුරු – නැගෙනහිර පළාත්හි දිගු කලක් සේවය කර ඇති රොහාන් ඩයස් පොලිස් රාජකාරි සමය තුළදී පවා ජාතිවාදයට එරෙහිව ක්‍රියාකළ අයකු ලෙස සැලකේ.

නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් ගේ හදිසි අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන්  වේ.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් දිවි රඟ මඩලින් බැස ගොසිනි.

රොහාන් ඩයස් යනු සුන්දර මිනිසෙකි. ඔහු පොලිස් නිලධාරියෙක් වුවත් කලාකාමී සහෘදයෙකි. ගුවන් විදුලියේ සරල ගී ශ්‍රේණිගත ශිල්පියෙක්.

ඔහු සාම්ප්‍රදායික මතවාද තුළ කටයුතු කළ පොලිස් නිලධාරියෙක් නොවේ. දශක තුනක ත්‍රස්තවාදී යුද්ධයෙන් පසුව පශ්චාත් යුද සමය තුළ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඔහු කළ කතාබහ තුළින් එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට එක්ව කටයුතු කිරීම තුළ ලැබූ අත්දැකීම් ද ගැටුම් කලමනාකරණය පිළිබඳව ඔහු ලබාගත් පශ්චාත් උපාධිය තුළ ලත් දැනුම ද අපූරුවට දක්නට ලැබුන.                                   

මම ගුවන් විදුලිය කටයුතු අවධියේදී කොළඹට පැමිනිය හොත් අනිවාර්යෙන්ම මා හමුවීමට පැමිණෙන රොහාන් කලාකරුවන් පිළිබඳව බොහෝ අදහස් මා සමග හුවමාරු කරගත්තේ ඔහු තුළ ඇති සංවේදී මිනිසා අවදි කරමින් ය.    

මම කුරුටු ගාන ලද පදමාලා රැසක්ම රොහාන් ගීතවත් කොට ඇත. මෑතකදී ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් ඉදිරිපත් කොට ඒ ගීතයකට සුදුසු පදවැලක් ලෙසට ලියා දෙන ලෙස කළ ඉල්ලීම ඔහු සහ මා අතර ඇති වූ අවසන් සංවාදයයි.                                

පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය ද පොලිසිය සම්බන්ධව සහායක් අවශ්‍ය වේලාවේදී රොහාන්ට කතා කිරීම අපගේ පුරුද්දයි.            

 පෞද්ගලික ආයතනයක සේවය කරද්දී පවා ලැබෙන නිවාඩු පාඩුව තුල දුරකතනයෙන් කතා කොට තොරතුරු විමසීම රොහාන්ගේ පුරුද්දයි.

 තම බිරිඳ සහ දරුවාට අසීමිතව ආදරය කළ රොහාන් සැබවින්ම සරල සුන්දර මිනිසෙකි. මිතුරන් අතර යහපත් මිතුරෙකි.

අද උදෑසන නාලක අංජන කුමාර මේ පණිවිඩය මට ලබා දෙන විට මම තවත් හොඳ මිතුරෙක් අහිමි වීම දරාගැනීම කෙසේ කළ  යුතුදැයි වික්ෂිප්තව සිතමි.                

දයාබර මිතුර ඔබට සුව නින්දක්…
ඔබ කළ යහපත ඔබට මොක්සුව දෙනු නිසැකය.. 

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොබාදහමේ රහ තැන් සොයාගිය මෝනි මෙහබූබ් ගේ, ඇස් අහකට ගන්න බැරි වනජීවී ඡායාරූප කිහිපයක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): දකිනවුන්ගේ ඇස් කකියන...

අතිරේක තීරුබදු අත්හිටුවමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්!

කොළඹ LNW:චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය...

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍ය රාජිතට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) කොළඹ...