අධිවේගී මාර්ග භාවිතා කරන රියදුරන්ට නිවේදනයක් !

0
778

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රිය පැදවීමේදී පැයට කිලෝමීටර් 60 වේග සීමාවෙහි රිය පදවන ලෙස අධිවේග මාර්ග රථ වාහන පොලිස් කොට්ඨාසය රියදුරන්ට දැනුම් දෙයි.

එසේම වාහන අතර ප්‍රමාණවත් පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා රිය පදවන ලෙසත් එම කොට්ඨාසය දැනුම් දී ඇත.

එමෙන්ම අඳුරු අලෝක තත්වයක් පවතින හෙයින් ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන ධාවනයෙහි යෙදෙන ලෙසයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

RN