සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ නිවේදනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරි පාර්ලිමේන්තු සතියේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම  සඳහා සහභාගි වන්නැයි, ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් , ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  ලිඛිතව දැනුම් දී  ඇති අතර , ඉරි තුනේ නිවේදනයක් මගින් එම දැනුම් දීම සිදුකර ඇති බව, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රිවරයෙකු සඳහන් ක‍ළේය.

එලෙස ඉරි 03ක නිවේදනයක් ලෙස දැනුම් දීමක් සිදු කරන්නේ, අයවැය ඡන්ද විමසීමකදී හෝ ව්‍යවස්ථා සංශෝධනයකදී  වැනි අතිශය වැදගත් පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමේදී  බවත් , එවැනි විශේෂ දැනුම් දීමක් කර තිබියදී  මන්ත්‍රිවරුන්ට අදාළ  කාලසීමාව තුළ විදේශගත වීම ද, තාවකාලිකව තහනම් වනු ඇති බව ද සඳහන් .

යම් මන්ත්‍රිවරයෙකු ඒලෙස දැනුම් දී තිබියදීත් පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි නොවන්නේ නම්, ඊට හේතු දැක්විය යුතු අතර, මහජන උපයෝගිතා කොමිසමේ සභපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව, ලබන 24 වැනිදා පාර්ලිමෙන්තුවේදි විවාදයට ගැනීමට නියමිත ඇති අතර ඊට අදාළ  ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එහිදි යෝජනාවට පක්ෂව සිය ජන්දය ප්‍රකාශ කරන බව, ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ මේ වන විටත් ප්‍රකාශ කර ඇති අතර ඊට විරුද්ධව සිය ජන්දය ප්‍රකාශ කරන බව, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සඳහන් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...