රට වෙනුවෙන් කරන යුද්ධෙකදී ඒ යුද්ධයේ ඉදිරිපෙලම ඉඳන් සටන්කරන්න ඕන ඒ රටේ තියෙන කොම්පැනි වල අයිතිකාරයෝ ටික, එහෙම නැත්තම් එ කොම්පැනි කාරයන්ගේ පුත්තු ටික යුද්ධයේ ඉදිරි පෙලේ ඉන්න ඕන.. එවගේම ඒ රටේ තියෙන අක්කර සීය දෙසීය ඉඩම්හිමි වැවිලිකාරයන්ගේ පුත්තුත් ඒ යුධ ක්‍රියාවිතයේ ඉන්න ඕන.
රට වෙනුවෙන් කරන යුද්ධයක් නම් ඒ රටේ සාරය බුක්ති විඳින මිනිස්සු ඒ යුද්ධයේ ඉන්න ඕන ….
එහෙම නැතිව ජීවත්වෙන්ට රැකියාවක් හොයාගෙන හමුදාවට බැඳෙන්ට යනවා නම් එතන තියෙන්නෙ රැකියා විරහිත බාවයේ වන්දිය ජීවිතයෙන් ගෙවන්ට සිදු උන ඛේදවාචකයක් !
පහුගිය කාලේ හමුදාවට බැඳෙන්ට ගිය අයගේ දිග පෝලිම් දුප්පත් රැකියා විරහිත වින්දිතයන්ගේ පෝලිම් මිස දේශප්‍රේමී පෝලිම් ලෙස මෝඩයින්ට මිස මොලේ තියෙන මිනිස්සුන්ට විස්වාස කරන්ට පුළුවන්ද …?
කාලයක් අපේ රටේ උතුරු මැද පලාතේ තරුණයන්ගේ ප්‍රධානම රැකියාව වෙලා තිබුනේ හමුදා සේවය. වගාවක් කරගන්ට කුඹුරක් නැති, යාන්තමට ගෙයක් දොරක් හදාගන්ට ආදායමක් නැති තරුණයන්ගේ එදා එකම විකල්පය උනේ හමුදා සේවය.
“පුරහඳ කලුවර” චිත්‍රපටයේ හමුදාවට ගිහින් මැරුණු සහෝදරයාගේ හැත්තෑපන්දාහේ වන්දිය ගන්ට ඥාතීන් පොර අල්ලන පියවි ලෝකයේ සත්‍ය අපි දැක්කා.
මතු පිටින් රණවිරු, දේශප්‍රේමි, ජාතිකාභිමානී, ඒකීය, මොන සර්වපිත්තල සැරසිලි දාලා තිබුනත් යට තියෙන අඳුරු කාලකන්නි සත්‍ය ඒකයි …
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN