මේ විදියට ඕනෑ නම් ඩොලරය රුපියල් 100 ට බස්සන්නත් පුළුවන් – අනුර (VIDEO)

ආර්ථික යහපත් වෙමින් පවතින්නේය යන කතාව බොරු මිත්‍යාවක් බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“දැන් සාමාන්‍යයෙන් සාකච්ඡාවක් හදන්න යනවා ආර්ථිකය යහපත් වෙමින් යනවා කියලා. ඒක බොරු මිත්‍යාවක්. දැන් මේ ඩොලරය අඩුවුණා කියනවානෙ. ඉතින් පිටරටින් බඩු ගේන්නෙත් නැත්නම්, ඩොලර්වලින් ණය ගෙවන්නෙත් නැත්නම්, මහබැංකුව ඩොලරයේ වටිනාකම නැතුව යනවා. අරුම පුදුම දෙයක්ද ? ඕනෙ නම් ඕක 100 ට බස්සන්න පුළුවන්. කොහොමද ? දැන් ගේන එව්වාගෙනුත් 50%ක් අඩුකරන්න ඕනෙ. බහිනවා නිකම්ම. සෑම පුරවැසියෙකුගේම මූලික වුවමනාවන් ඉටුකරන රටක් අපට අවශ්‍ය නැද්ද ? අන්න ඒ රට බිහිකිරීමේ වගකීම සහ අභියෝගය තමයි ජාතික ජන බලවේගය භාරගෙන තිබෙන්නේ. අපේ පරම්පරාව මේ වැඩේ කරන්න ඕනෙ”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...