විදේශ සංචිත විශාල ලෙස කඩා වැටිලා. ඉන්ධන මිල වැඩි කළේ ඊට විසඳුමක් හැටියටයි – ඩලස් (VIDEO)

Date:

රටේ විදේශ සංචිත විශාල වශයෙන් කඩා වැටී ඇති බවත් ඉන්ධන මිල ඉහළ නැවීම පවා සිදුකළේ විදේශ සංචිත වේගයෙන් පිරිහීමේ ක්‍රියාවලියට එක් විසඳුමක් වශයෙන් බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

“සංචිතවල විශාල කඩාවැටීමක් තියෙනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා විදේශ ණය ප්‍රමාණය අධික ලෙස ඉහළ නැංවීමක ප්‍රතිඵලයක් විදියට නෙවෙයි ඒක සිද්ධ වෙලා තියෙන්නෙ. කෙසේවෙතත් ඉතාම අවාසනාවන්ත විදියට සංචිත පහළ බැස ඇති බව රහසක් නෙවෙයි. ජනතාවගේ ජීවන තත්වය ඉතාම අර්බුදකාරීයි.

ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා පවා මහබැංකුව, මුදල් අමාත්‍යාංශය, මේ සියලු ආයතන සාකච්ඡා කරලා ඒ තීරණය කරනු ලැබුවේත් විදේශ සංචිත කඩාවැටීමේ, වේගයෙන් පිරිහීමේ ක්‍රියාවලියට එක විසඳුමක් විදියට. ඉන්ධන භාවිතය කළමනකාරණය කරගත යුතුයි කියන ස්ථාවරයේ මුදල් අමාත්‍යාංශයත්, ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත්, මහබැංකුවත්, ඒ සියලුම ආයතන ඉන්නවා. මේක රටක ආර්ථිකයට යහපත් දෙයක් නොවන බව අපි කාටත් තේරෙනවා. දැන් මංගල සමරවීර ඇමතිතුමා මිල සූත්‍රය පිළිබඳ ඉතිහාසයේ සඳහන් කළාම, අපිත් විපක්ෂයේ ඉඳගෙන සමහර වෙලාවට ඒක උපහාසයට, අපහාසයට ලක්කරලා තියෙනවා. මෙවැනි මොහොතක මිල සූත්‍රයක් තිබුණා නම් ඒ මිල උච්ඡාවචනය වීමේදී වාසි දෙපැත්තටම බෙදිලා යන බව නොරහසක්”

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...