අරගලකරුවන්ට පහරදීමමේ සිද්ධියට අදාළ  පැමිණිල්ල ජූලි මස 19 වනදා යළි කැඳවයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහි පැමිණිල්ල ජූලි මස 19 වනදා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියමකළේය. ඒ  අද (07) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය .

මෙම සිද්ධියේ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබුණු බවත් එම නීතිපති උපදෙස් අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙන බවත් එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි අතර , එම අභියාචනාධිකරණ තීන්දුව ලබන 23 වනදා ලබාදීමට නියමිත අතර මෙම නඩුකරය ඉන්පසුව එළඹෙන දිනයක කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියමකළේ,  අදාළ පැමිණිල්ල ජුලි මස 19 වනදා යළි කැඳවන ලෙසයි. මෙහිදී නීතිඥවරු විසින් ඉදිරිපත්කළ කරුණු පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ සිද්ධිය සැකකරුවන්ව වශයෙන් නම්කර නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත්කිරීමටද නියෝග කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...