විකාශන අධිකාරී පනත කියන්නේ සිතීමේ නිදහස් නැති කිරීමක් – ගම්මන්පිල

Date:

කොළඹ LNW:විකාශන අධිකාරී පනත මගින් ආණ්ඩුවට හීලෑ මාධ්‍ය කණ්ඩායමක් ඇතිකරගැනීමට හැකිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ, අද (07) පිවිතුරු හෙළ උරුමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

මෙය සිතීමේ නිදහස උල්ලංඝනය කිරීමක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙවැනි පනත් යෝජනා කිරීම හරහා ආණ්ඩුව රෑ වටුනුවලේ දවල් වැටෙන්න හදන්නේ යනුවෙන්ද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

”සමාජයේ ලොකු සංවාදයක් ඇතිවෙලා තියෙනවා විකාශන පනත ගැන. සංක්‍යාත නිකුත් කරලා තියෙන්නේ ගජ මිතුරන්ට.සංක්‍යාත නිකුත් කිරීම පිලිබද නියාමනයක් තියෙන්න ඕන. මේකෙන් ආණ්ඩුවට හීලෑ මාධ්‍ය පිරිසක් ඇතිකරගැනීමට හැකියාව ලැබෙනවා. තොරතුරු තමයි ජනතාවගේ සිතීමේ භැකියාව වැඩිවෙන්නේ. ජනමාධ්‍ය නිදහස තමයි ජනතාවගේ සිතීමේ නිදහස. එවකට ඒකට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ අද එවැනිම පනතක් ගෙනත්.
මේ පනත සිතීමේ නිදහස උල්ලංඝනය කරල තියෙන නිසා අධිකරණය මේක ඒ විදිහට දකීවී. මේක තවම ගැසට් කරලා නෑ නොනිල විදිහට ගත්තේ.
සමහරු විපක්ෂයේ නම් විරුද්ධව කතාකරනවා. ආණ්ඩුවේ නම් පක්ෂව කතාකරනවා. සමහරවිට දැකලාවත් නැතිව ඇති. ආණ්ඩුව රෑ වැටුනු වලේ දවල් වැටෙන්න හදන්නේ.”

ඒ අනුව ආණ්ඩුව නීති සම්පාදනය පිළිබඳව නොසැලකිල්ලෙන් කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ඔවුන්ගේ දිනයයි: “ජාත්‍යන්තර අලි ඇතුන්ගේ  දිනය”

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) දින "ජාත්‍යන්තර...

නව පොලිස්පති ගැන ඉඟියක්..?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12)දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී...

හර්ෂිතාගේ දෙවන ශතකයත් සමඟ පිතිකාරීනියන් අතර යළිත් මුල් තැන – ප්‍රබල යුද හමුදාවට පානදුරෙන් ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ක්‍රියාත්මක වෙමින් පවතින ශ්‍රී ලංකා...

පාපන්දුවෙන් ලොවක් හඳුනන රොනාල්ඩෝ ගෙන් ජෝර්ජිනාට දියමන්ති මුදුවක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): පාපන්දු ලෝකයේ සුපිරි තරුව...