කෝච්චියේ දොරේ එල්ලී සෙල්ෆි ගහන්න ගිය යුවලක් ඇද වැටී බරපතළ තුවාල (VIDEO)

Date:

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර 31 වැනි උමග ආසන්නයේදී දුම්රියෙන් ඇදවැටීමෙන් යුවලක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රංශ ජාතිකයින් වන මෙම යුවල ඊයේ (03) සවස මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන්.

දුම්රියෙන් ඇදවැටීමෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දුම්රියේ දොරේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී තරුණිය මුලින් ඇදවැටී ඇති බවත් ඇයව බේරාගැනීම සඳහා තරුණයා පැන ඇති බවත් ය.

අනතුරින් පසු ඔවුන්ව එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානය කරා රැගෙනවිත් ඇති අතර එතැන් සිට ගිලන් රථයකින් දියතලාව රෝහල කරා රැගෙන ගොස් ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...

වසරක් තුළ තොග පිටින් ආ මත්ද්‍රව්‍ය!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 වසරේ ජනවාරි...