*
Wednesday, November 20, 2024
spot_img

Latest Posts

ඇමතිගේ දිව කියූ කතා….

ක්‍රීඩා අමාත්‍යවරයා තමන් සැර නීති කාරයෙක් බව පෙන්නන්නට සෑහෙන්න උත්සාහ කරයි.නමුත් මේ වන විට ක්‍රීඩාවන් දෙකක්ම තහනම් වි තිබෙන්නේ දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මතය.ලංකාව ඇතුළේ කුමන ආකාරයක විසදීමක් ලබා ගන්නට හැකි වුණත් ජාත්‍යන්තර සංගම් ඉදිරියේ එම කරුණු සනාත කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා සමත් විය යුතුය.ගැටළුව පවතින්නේ එතැනය.

පාපන්දු පරිපාලනය සම්බන්ධයෙන් සිඳු වූයේ කුමක්ද යන්න පිළිබඳව ද අප මීට පෙර කතා කර ඇත්තෙමු.අමාත්‍යවරයාට සෑහෙන්න පුළුවන් ජොකියෙක් ලැබෙන තෙක් ඔහු පැවති පාපන්දු පරිපාලනයට එරෙහිව ක්‍රියා කරන්නට තිබුණ තොරතුරු ශත පහකට මායිම් නොකළේය.අවසානයේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පැමිණ නිලවරණය පැවත්වීම සම්බන්ධයෙන් මෙන්ම නව පාපන්දු පණත සම්බන්ධයෙන් ද යම් එකඟතාවන් ටිකක් ඇති කර ගනෙ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය පසු,ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදු කළේ එම එකඟතාවයන්ට පටහැනිව කටයුතු කිරීමය.මේ තත්ත්වය හිටපු අමාත්‍යංශ ලේකම්වරයා මෙන්ම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද පිළිගත යුතුය.

අමාත්‍යවරයාගේ නිර්දේශ මත ක්‍රියාත්මක කළ නිලවරණය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ එකඟ වූ කරුණුවලට වඩා පරස්පර විය.කවුරුන් හෝ මෝඩ උපදේශකයෙක් අමාත්‍යවරයාට රටේ ක්‍රීඩාව ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිමතය පරිදි පැවතිය යුතුය යන උපදේශය දී ඇති බවක් පෙනේ.ඒ නිසා අමාත්‍යවරයා සහ අමාත්‍යංශයද බොහෝ වෙලාවට අමාත්‍යවරයාට මග පෙන්වන්න පත් කර ඇති ජාතික ක්‍රීඩා සභාවද හැසිරෙන්නේ වලං කඩයට පැන්න ගොනෙකු ආකාරයටය.
මේ අතර මේ සමඟ අප ඉදිරිපත් කරන උපුටා ගත් වීඩියෝවද අපූරු එකකි.මෙහි උජාරුවට අදහස් දක්වන්නේ ක්‍රීඩා ඇමතිය.එහිදී ඔහු අප මේ දක්වා ශ්‍රී ලංකා රගර් ජාත්‍යන්තර තහනමට බලපෑවේ අමාත්‍යවරයාගේ අඳූරදරශී ක්‍රියාවලිය බවට පෙන්වා දෙන ලද කරුණු සියල්ලම අමාත්‍යවරයාම පැහැදිළි කළේය.

ආසියානු රගර් සම්මේලනය ශ්‍රී ලංකාවේ රගර් තහනම් කළේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කරන ලද තහනම පදනම් කරගෙන බව අප විසින් මේ සම්බන්ධ අපේ මුල්ම නිරීක්ෂණයන්වලද පවසා ඇත.දැන් ක්‍රිඩා අමාත්‍යවරයාම මේ වීඩියෝවේ ඒ බව පවසන්නේය.
ඊට පසු නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ එම තීරණය ක්‍රියාත්මක කිරීම වැළක් වූවේ ගරු අධිකරණය විසින්ය.ගරු අධිකරණය එම තීරණය ක්‍රියාත්මකවීම වැළක් වූවා පමණක් නොව නැවත ඊ ළඟ නිලවරණයට අවසර දෙමින් අමාත්‍යංශයට සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අධිකරණය දැනුවත් කරන ලෙස කරුණු ගණනාවක්ද දැන් වූවේය.නමුත් අදාළ ආයතනවල නිලධාරීන් මෙන්ම අමාත්‍යවරයා ද ඒ ගැන කටයුතු සිදු කළේ නැත.
අමාත්‍යවරයා පවසන නිලවරණයේ ගැටළුවක් ඇති බවට පැමිණිල්ල ඉදිරිපත් වන්නේ අමාත්‍යවරයාටය.අමාත්‍යවරයාගේම ජාතික ක්‍රීඩා සභාවේත් සිටින ක්‍රිඩා සමාජවල කැමත්තෙන් නාම යෝජනාවක් හෝ ඉදිරිපත් කිරීමට අපොහොසත් අය ඉදිරිපත් වී වී මෙම චෝදනාවන් ඉදිරිපත් කරන අතර අද අමාත්‍යවරයා දී කිරට බළල්ලුත් සාක්ෂි සේ ස්ථාවරකරණ කමිටුවට එසේ චෝදනා කළ අය ද පුරවා ඇත.චෝදනාවක් ආ පමණින් ඉවත් කිරීම යනු අභිමත බලය නොවන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය පරීක්ෂණ,චෝදනාවට ලක් වන්නන් ඉදිරිපත් කරන කරුණු ආදියද සළකා බැලිය යුතු වුව ද,එවැන්නක් සිද්ධවන්නේ නැත.

අමාත්‍යවරයා පරීක්ෂණය සිදු වූ ආකාරයක් කියන්නේ ද නැත්තේ ඔහු අමාත්‍යවරයා සේ තමන්ට ඕනෑම දෙයක් කියන්නට හැකිය යන දුර්විශ්වාසයේ ගැලී සිටින බැවින් විය යුතුය.
ඉන අනතුරුව අමාත්‍යවරයා මැදිහත්ව ආසියානු රග්ර් සම්මේලනයට කතා කර ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේ තරග කළ බව කියන්නේය.එසේනම් ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේ නැතුව අමාත්‍යංශ ධජය යටතේ තරග කරන්නට අවසර ලැබිය යුතුය.එසේ නැත.ජාත්‍යන්තර හැඩය අමාත්‍යවරයා නැවත කල්පනා කර තේරුම් ගත යුතුය.අමාත්‍යවරයා මැදිහත් වූ බව ඇත්තය.නමුත් බලය පැවරෙන්නේ ජාතික ඔලිමිපක් කිමිටුවටය.ආසියානු රගර් සම්මේලනය යනු ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තිය යටතේ ක්‍රියා කළ යුතු සහ ඊට වගකිව යුතු ආයතනයක් වන අතර ඒ බලපෑම සහ ඉල්ලීමට එකඟ නොවුණොත් ඇතිවන තත්ත්වය නරක අතට හැරෙන බව ආසියානු රගර් සභාපතිවරයා දන්නා අතර ක්‍රීඩා අමාත්‍යවරයාට ප්‍රතිචාර ලෙස ලෝක ක්‍රීඩා කේෂ්ත්‍රයේ ආසියානු සම්මේලනයේ සභාපතිවරයාට අල්පෙනති තුඩකින් බලපෑමක් කරන්නට නොහැකිය.

දැන් ආසියානු සම්මේලන සභාපතිවරයා පෞද්ගලික පණිවිඩ හුවමාරුවකදී සිඳු වූ දෙයක් හේතුවෙන් ශ්‍රී ලංකා සභාපතිවරයා එක්ක ඇති කර ගත් තහනම නිසා ශ්‍රී ලංකා සභාපතිවරයාව තහනම් කර තිබීම ශ්‍රී ලංකා රගර් සම්මේලනය තහනම් කිරීමට හේතුව බව අමාත්‍යවරයා දන්වා සිටින්නේය.
තහනම සිඳු වන්නේ පරීක්ෂණයක ප්‍රතිපල එන තෙක්ය.එය ප්‍රශ්ණකාරී ත්ත්ත්වයකට පැමිණ තිබෙන අතර ආසියානු සම්මේලනය ඇතුළේම මේ සම්බන්ධයෙන් මේ වන විට කතා බහට ලක්වන කරුණු කිහිපයක් ආසියානු සභාපතිවරයාට එරෙහිව පැන නැඟෙමින් ඇත.චෝදනා පත්‍රය මෙන්ම කරුණු විමසීමක්වක් සිදු නොකර ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා කරන ආකාරයෙන්ම සභාපතිවරයා ලෙස අභිමතානුසාරීව සිය නිලය අව භාවිතා කරමින් කටයුතු කර ඇද්ද යන්න මෙහිදී මතු වෙමින් පවතින ගැටළුවය.ඒ අතින් බලන විටනම් දෙදෙනාම හොඳට ගැලපෙන්නේය.

ඇත්තටම ගැටළුවට තුඩු දී ඇත්තේ ආසියානු සභාපතිවරයා සහ ශ්‍රී ලංකා සභාපතිවරයා අතර ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ අභිමානය සම්බන්ධයෙන් වු මතු වූ ගැටළුවක්ය.එහිදී අවුරුදු කිහිපයක ඉතිහාසයක් ඇති රගර් ක්‍රීඩා කරන රටකට වඩා ශතකයත් ඉක්මවා ඇති ශ්‍රී ලංකාවේ රගර් හී අභිමානයට,ස්වාධීනත්වයට සිය ධූරය වැරදි ලෙස යොදාගෙන කටයුතු කිරීමෙන් හානි වන බව පෙන්නා දීමට යාමේදි ඇතිවන ගැටළුවක් ආසියානු සභාපතිවරයාගේ තරහට හේතු වී ඇත. පෞද්ගලිකව වට්ස්ඇප් මාර්ගයෙන් සිදු වූ මෙම සාක්චඡාවේදී ඇති වූ තත්ත්වයක් ආසියානු සභාපතිවරයාගේ සහ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ ගැටළුවට හේතු වී ඇත.
එවැනි අවස්ථාවක රටේ රගර් ක්‍රීඩාවට අදාළව සියලු තරග පවත්වමින්,අලුත් ඉසව් හඳුන්වාදෙමින්,නව අනුග්‍රාහකයන් සොයා ගනිමින් සහ නව ජාත්‍යන්තර සබඳතා ඇති කර ගනිමින් කටයුතු කරන රගර් පරිපාලනය ආසියාව සමඟද රටේ රගර්වල ස්වාධීනත්වය සහ අභිමානය වෙනුවෙන් ක්‍රියා කරයිනම් ඒ රටේ ක්‍රීඩා අමාත්‍යවරයා සිටගත යුත්තේ කා සමඟද?

රටේ ජාතික ඔලිමිපික් කමිටුව,ආසියානු ඔලිම්පික් කමිටුව,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ තනමත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිඳුවීම් කවරේද යන තොරතුරු යාවත්කාලීන කරන්නට විසුරුවන ලද රගර් පරිපාලන කමිටුවේ විධායක නිලධාරියා තෝරා ගන්නා ජාත්‍යන්තර රගර් කමිටුව ද සිටින්නේ අමාත්‍යවරයාගේ සහ ආසියානු රගර් සභාපතිවරයාගේ පිළේ නොවේය.ඇත්තටම අමාත්‍යවරයාට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ සිටින හිටපු රගර් සභාපතිවරයා ආසියානු නිලවරණය පැවත්වෙන මොහොතේ දී සිය ඡන්දය පවා භාවිතා කර ඇත්තේ ද වත්මන් ආසියානු සභාපතිවරයාට විරුද්ධවය.ශ්‍රී ලංකාව සම්බන්ධ ගැටළු ඇත්තටම මෝරා වැඩේනනේ ද එතැන සිටය.

අප කියන මේ කරුණු යමක් සැඟවුව ද ක්‍රීඩා අමාත්‍යවරයා ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් මෙහිදී අනාවරණය කරයි.ඒ ආසියානු තහනමට හේතු වූයේ ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනයේ ගැටළුවක් නොවේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ තහනම යන්න ඉතා වැදගත්ය.එම තහනම ක්‍රියාත්මක වීම වැළක් වූ සහ ඊ ළඟ නිලවරණයට ද අවස්ථාව සැකසූ ගරු අධිකරනය එම තීන්දුව දෙමින් කී කතාවලට අනුව අමාත්‍යංශය කඩිනමින් ක්‍රියා නොකරපු බව ද අමාත්‍යවරයා නොකියන කාරණාවක් වුව එය ඇත්තය.

ඊට පසුව ඔහු පවසන කාරනාවලින් එකඟ වන්නේ ආසියානු සභාපතිවරයාගේ තහනමට අනුව වත්මන් තහනම පැන වූ බවය.ඊට හේතුව කවරේද යන්න සළකා බැලීම අමාත්‍යවරයාට වැදගත් වී නැත.ආසියාව තහනම් කරානම් තහනම් කරන්න ඕනි බව පවසන මුග්ධ තර්කයක් හැර එම තහනම ගැන පරීක්ෂණයක් සිඳුවන බව හෝ එම පරීක්ෂණය සිදුවන්නේ කුමන පදනමක් මත ද යන්න ද අමාත්‍යවරයාට අවබෝධයක් නැත.වඩාත් වැදගත්ම කාරණය ඔහු පැවත් වූ නිලවරණයේ ගැටළු තිබුණ බව කීමය.එම චෝදනාව එල්ල කරන පිරිසෙන් පිරිසක් දැන් අමාත්‍යවරයා පත් කරන ලද ස්ථාවරකරණ කමිටුවේය.එසේනම් පිංතූරය පැහැදිළිය.ඒ පිරිස,ආසියානු සභාපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා ගහන රගර් එකේ ප්‍රතිපලයක් මිස රගර් පරිපාලනයට ඉදිරිපත් කරන්නට අකාරයක්ෂමතාවය පිළිබඳ චෝදනා නැත.මූල්‍ය වංචාවන් පිිළිබඳ චෝදනා නැත.විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනාවන් ද නැත.චිත්‍රය ගොඩ නැඟී තියෙන්නේ අපි කැමති නැහැ.ඒ නිසා එපා කියන අමු ගෝත්‍රිකවාදී හැසිරීමක ප්‍රතිපලයක්ය.ඇත්තටම දිගින් දිගටම අමාත්‍යවරයා මෙවැනි කතාවන් පැවත්වීම වැදගත්ය.කට බොරු කීවත් දිව බොරු නොකියන නිසා ඇත්ත කෙතරම් සැඟවීමට හැදුවක් තිරිංග බුරුල් වී ඇත්ත එළියට ඒම ද නොවැළක්විය හැකිය.ඒ නිසා අමාත්‍යවරයාගේ මේ වීඩියෝව හොඳින් නරඹා අප විසින් තැබූ සටහනද හොඳින් නරඹන ලෙස අපි ඉල්ලා සිටිමු.

මේ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව දීමට තිබියදී අමාත්‍යවරයා මේ ආකාරයෙන් අතිශයින් දරුණු විවේචන කරමින් වපුරන්න හදන දේශප්‍රේමය ඇතුළේ අධිකරණ තීරණයට යම් බලපෑමක් කිරීමේ අභිලාෂයක් ඇත්දැයි අපි නොදන්නෙමු.එැවැනි තත්ත්වයක රටේ ක්‍රීඩාව දේශපාලනික බලපෑම් මත තහනම් වන ප්‍රවනතාවය දවසින් දවස ඉහළ යා හැකි මට්ටමට පත් කරමින් සිටින ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ අපූරු උපදේශක සභාවන් දනොදළකා හරින ලද කරුණු නිසා ශ්‍රී ක්‍රීඩාව ජාත්‍යන්තරය ඉදිරියේ අවලංගු සළකුණක් වෙමින් පවතින බව පෙන්වීම මාධයයම යුතුකමක් සේ හැඟුණ බැවින් මෙසේ සටහන් කරන්නට තීරණය කළෙමු.

අධිකරණයේ තීරණය නීතිමය තර්ක මත සිදුවන්නකි.අප මෙසේ සටහන් කර තබන්නේ මේ ගැටළුවේ ඉතිහාසයේ සිට අපෙ ලිවීම්වලට පදනම් වූ නිරීක්ෂණ සමඟ පොළවේ ඇත්ත ගැන ක්‍රීඩා අමාත්‍යවරයාගේ කතාවෙන් එළියට එන සහ නොඑන කරුණු ය.එය ක්‍රීඩාශිලී පාඨකයාගේ තීරණයට නතු කරමු.වැදගත් දේ සහ විහිළු තෝරා ගැනීමට මේ රටේ ක්‍රීඩාලෝලීන් බුද්ධිමත් බව අපි විශ්වාස කරන්නෙමු.

https://youtu.be/ViFjgzn_4QQ

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan