දුම්රිය පෞද්ගලීකරණය නොකරනවානම් විසඳුම අධිකාරියක්‌ කිරීමයි – බන්දුල ගුණවර්ධන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්රිය රියදුරු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමින්, ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ , දුම්රිය පෞද්ගලීකරණය නොකිරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක්‌ කළ යුතු බවයි .

අමාත්‍යවරයා තව දුරටත් පැවසූවේ , ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳ ඔහු විශාල හැදෑරීමක් සිදුකර ඇති බවත් , ඒ අනුව විශාල වෙනස්කම් රැසක් සිදුකළ යුතුව ඇති නමුත් ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බව අමාත්‍යවරයාට නිරීක්ෂණය වූ බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ආදායම්, වියදම් ගිණුම්කරණය පිළිබඳ ඉතාමත් අකාර්යක්ෂම වීම අද එම දෙපාර්තමේන්තුව පත්ව ඇති තත්ත්වයට හේතුව බවද , පසුගිය කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ඉතා යහපත් ව්‍යාපෘති පවා ඇතැම් නිලධාරීන් ලබා දුන් වැරදි උපදෙස් හේතුවෙන් අහිමි වී ගිය බවද අමාත්‍යවරයා පවසයි .

තවද ,  විසඳිය හැකි ඕනෑම ගැටළුවක් කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා සහ අගමතිවරයා සමඟ සාකච්ඡාකර විසඳුම් ලබා දීමට තමන් සූදානම් බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...