දුම්රිය පෞද්ගලීකරණය නොකරනවානම් විසඳුම අධිකාරියක්‌ කිරීමයි – බන්දුල ගුණවර්ධන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්රිය රියදුරු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමින්, ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ , දුම්රිය පෞද්ගලීකරණය නොකිරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක්‌ කළ යුතු බවයි .

අමාත්‍යවරයා තව දුරටත් පැවසූවේ , ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳ ඔහු විශාල හැදෑරීමක් සිදුකර ඇති බවත් , ඒ අනුව විශාල වෙනස්කම් රැසක් සිදුකළ යුතුව ඇති නමුත් ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බව අමාත්‍යවරයාට නිරීක්ෂණය වූ බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ආදායම්, වියදම් ගිණුම්කරණය පිළිබඳ ඉතාමත් අකාර්යක්ෂම වීම අද එම දෙපාර්තමේන්තුව පත්ව ඇති තත්ත්වයට හේතුව බවද , පසුගිය කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ඉතා යහපත් ව්‍යාපෘති පවා ඇතැම් නිලධාරීන් ලබා දුන් වැරදි උපදෙස් හේතුවෙන් අහිමි වී ගිය බවද අමාත්‍යවරයා පවසයි .

තවද ,  විසඳිය හැකි ඕනෑම ගැටළුවක් කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා සහ අගමතිවරයා සමඟ සාකච්ඡාකර විසඳුම් ලබා දීමට තමන් සූදානම් බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...