සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනසක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ, හෙද සේවාව සඳහා ඉදිරි මාසයේදී 2,200ක පිරිසක් බඳවා ගැනීමට නියමිත බවත් , නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු ඉදිරි සති දෙක තුළ මෙරට සෞඛ්‍ය සේවයට බඳවාගැනීමට නියමිත බවයි.

නවක  වෛද්‍යවරුන් 406 දෙනෙක් 27 වනිදාට පෙර  සෞඛ්‍ය අංශයේ රෝහල්වලට ලබාදීමට බලාපොරොත්තු වන බවත්, පවුල් සෞඛ්‍ය සේවාවන් 222කට අලුතින් පත්වීම් පසුගිය සති කිහිපය තුළ ලබාදුන් බවත් අමාත්‍යවරයා පැවසීය .

ඒ සමබන්ධයෙන්  තිබූ  හිඟයෙහි  යම්කිසි අඩුවක් ප්‍රගතියක් ඉදිරියේදී දැකගත හැකි වනු ඇති අතර තවත් 600ක පමණ ප්‍රමාණයක් පුහුණු කිරීමෙන් පසු බඳවාගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය .

ඉදිරියේ දී විශේෂයෙන්ම හෙද හෙදියන් 2,200කට පත්වීම් දෙන්න බලාපොරොත්තු  වන බවත් , ඉදිරි මාස එකහමාර තුළ ඒ සඳහා ගෙවීම් සඳහා ප්‍රතිපාදන හොයාගෙන තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා , බිලියන 4ක් කැඩුණු බිඳුණු  මැෂින් ප්‍රකෘතිමත් කිරීම සඳහා වෙන්කල බවත් පැවසුවා.

විශේෂයෙන්ම 2023 වන මේ වසර වැඩිම  පසුගාමීත්වයට ලක්වූ වසර යැයි කී අමාත්‍යවරයා, ඉදිරියේදී යම් යම් සුබවාදි බලාපොරොත්තු තබාගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙමින් පවතින බවද පැවසීය .

තවදුරටත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ අනිද්දා (15)  දිනයේ සිට සියයට 16කින් ඖෂධ මිල අඩු කිරීම සඳහා අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින අතර සෑම මාස 03කට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීමට නියමිත බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...